අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට ඉන්න ලක්ෂ 16කට ඡන්දය ඇහිරී ඇත

රට ඉන්න ලක්ෂ 16කට ඡන්දය ඇහිරී ඇත

විදෙස් රැකියාවල නිරත පිරිස මැතිවරණ දිනයේදීද එම රටවල සිය රැකියාවල නිරතවීම නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී තිබේ.මීට අමතරව, මෙරට බන්ධනාගාරගත රැඳවූවන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන්,…

විදෙස් රැකියාවල නිරත පිරිස මැතිවරණ දිනයේදීද එම රටවල සිය රැකියාවල නිරතවීම නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී තිබේ.මීට අමතරව, මෙරට බන්ධනාගාරගත රැඳවූවන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන්, ඈත දියඹේ ධීවර කටයුතුවලට පිටත්ව ගොස් සිටින ධීවරයන් ඇතුළු කණ්ඩායම් වලට ද ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ..

විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 16 කට මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී ඇත.ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 09 ක් මැදපෙරදිග රටවල සේවයේ නිරතව සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙවර ජනාධිපතිවරණයේදී 17,140,354 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. ඉකුත් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාවට වඩා 1,148,258 ක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න