අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට අනුරට කියා බලය ගෙන රටම IMF එකට යටත් කරලා..!

රට අනුරට කියා බලය ගෙන රටම IMF එකට යටත් කරලා..!

විසදුම් නැති අයවැයක්..! ජනාධිපති අයිඑම්එෆ් එකේ වහලෙක් වෙලා..? මාස 6න් 6ට වැටුප් වැඩිවීම සිහිනයක් කරා..? සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි අද ඉදිරිපත් කළ අයවැය කතාව සහ එදා ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ…

විසදුම් නැති අයවැයක්..!

ජනාධිපති අයිඑම්එෆ් එකේ වහලෙක් වෙලා..?

මාස 6න් 6ට වැටුප් වැඩිවීම සිහිනයක් කරා..?

සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි 

අද ඉදිරිපත් කළ අයවැය කතාව සහ එදා ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව සංසදනය කළ යුතු බවත් මේ තුළ අඩංගු පොරොන්දු මේ අයවැයේ කොපමණ ක්‍රියාත්මක කර ඇත්ද කියා සොයා බැලිය යුතු බවත් රට අනුරට කියන මේ ප්‍රතිපත්ති මාලාව තුළ ලොකු කේක් ගෙඩියක් හදනවා කියා පොරොන්දු වුවත් රට අනුරට නොව රට අයි එම් එෆ් එකට ගිය වගනම් පෙනෙන්න ඇති බවත් අයි එම් එෆ් එකේ සීමාවන් තුළ අයවැය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

මේ අයවැයට අනුව ප්‍රාථමික ශේෂය 2.5ක් නඩත්තු කළ යුතු බවත් ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදනයේ වියදමක් ලෙස 13%ක් කළ යුතු බවත් 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ දාපු 13%ක සීමාව අයි එම් එෆ් න්‍යාය පත්‍රයක් බවත් ප්‍රාථමික ශේෂය 2.5ක් පවත්වාගෙන යාමම අයි එම් එෆ් එකේ නිර්දේශ බවත් පැහැදිලිවම ඉතාමත්ම සීමාසහිත සම්පත් ප්‍රමාණයක් ආයෝජනය වෙනුවෙන් වෙන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අයවැය තුළ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය උගුලට, දුප්පත්කම තුරන් කරන්න විසදුම් නොහැකි බවත් ඉහළ ආර්ථික වර්ධනයක් ව්‍යවසායකත්වය හරහා නඩත්තු කිරීමක් මේ තුළින් සිදුනොවන බවත් වැවිලි කර්මාත්නය කෘෂිකර්මාතය හා ධීවර ක්ෂේත්‍රයට අදාළව දුන් පොරොන්දු ඉටු කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

දැන්වීම

අලුත් ණය ප්‍රතිව්‍යුහගත කරණ ගිවිසුමකට යනවා කියා මැතිවරණ වේදිකාවේ කිව්වත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කෙළින්ම යන්නේ අයි එම් එෆ් එක අඩි පාරේ බවත් තමා බලයට පැමිණියත් අයි එම් එෆ් රාමුවට අනුව කටයුතු කළ යුතු වුවත් එහි දී තමා ජනතාවාදී වැඩපිළිවෙළක යනවා වුවත් වත්මන් ජනාධිපතිවරයා ජනතාවාදී නොවන බවක් පෙනෙන්නට ඇති බවත් මේ අයවැයට සංශෝධන හෝ ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වත්මන් ජනාධිපතිවරයා ජනවරමට පිටුපා අයි එම් එෆ් එකේ ප්‍රාණ ඇපකරුවකු වී ඇති බවත් මේ අයවැය කතාව හා ප්‍රතිපත්ති මාලාව සංසන්දය කරන ලෙස ඉල්ලා සිටින බවත් මාස 6න් 6ට රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් ගැන කිව්වත් අවසානයේ වැටුප් වැඩිවන්නේ වසර 3ක් තුළ සොච්චම් මුදලකින් බවත් එය අද පවතින ජීවන වියදමට ප්‍රමාණවත් නොවන බවත් පෞද්ගලික අංශයට කුඩම්මාගේ සැලකිල්ල බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න