රටේ සෞඛ්‍ය ගැටලු විසඳන්න විපක්ෂ නායක පෙරමුණ ගනී

විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් අත්වැල් බැඳ ගනී රටේ පවතින සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වරයාගේ…
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්
විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් අත්වැල් බැඳ ගනී

රටේ පවතින සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වරයාගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් ස්ථාපිත කර තිබෙන අතර එම කමිටුව සමග විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් අත්වැල් බැඳ ගෙන සිටියි.
වත්මන් රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සහ සෞඛ්‍ය ක්ෂේත්රය වර්තමානයේ මුහුණ දෙන ගැටලුවලට විසදුම් සොයමින් ජනතාවට නිදහස් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙහි අරමුණ වේ.
දැන්වීම
නිදහසින් පසු 75 වසරක ඉතිහාසයේ මෙවැනි සෞඛ්‍ය ප්‍රශ්නයකට රට මුහුණ දෙන පළමු අවස්ථාව බවත්, ඊට හේතුවී ඇත්තේ, පැය 24 පුරා සිදු කරන දූෂණ, වංචා සහ අක්‍රමිකතා බවත් ඊට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ මේ රටේ ජනතාව මරණ මංචකයට රැගෙන යන හොරුන් රැක ගැනීමට මහ ජනතාව පත් කර එවූ 113 දෙනෙකු ඉදිරිපත් වූ බවත්, ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූයේ මහ ජන නියෝජිතයින් 73 දෙනකු පමණක් බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
එමෙන්ම යහ පාලන සමයේ සේනක බිබිලේ මහතා අපේක්ෂා කළ ආකාරයෙන් නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත්, ඒ හේතුවෙන් ජනතාවට අඩු මිලට ඖෂධ ලබා ගැනීමට හැකි වූ බවත් පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා එහෙත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා යටතේ බාල ඖෂධ වගේම ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන එන ජාවාරමක් ක්‍රියාත්මක වන බවටත් චෝදනා කර සිටියි.
මේ අතර බාල ඖෂධ ලබාදීම හේතුවෙන් අගතියට පත් පවුල් සඳහා විපක්ෂයෙන් සහන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමටත් ඊට අමතරව එම සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නෛතික පියවර ගැනීමටත් ක්‍රියා කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.