අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ වගකීම භාර ගැනීමට සජිත් සූදානම්

රටේ වගකීම භාර ගැනීමට සජිත් සූදානම්

රටේ වගකීම භාර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගය සූදානම් බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. සමගි ජන බලවේගය ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට සූදානමින්…

රටේ වගකීම භාර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගය සූදානම් බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි.

සමගි ජන බලවේගය ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට සූදානමින් සිටින අතර සිය පක්ෂය රටේ සෑම මැතිවරණ කොට්ඨාසයකම බල මණ්ඩල පිහිටුවා අවසන් බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියි.

සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩ සටහන "දිනන ඇරඹුම" යන තේමාව යටතේ 2023 සැප්තැම්බර් 16 සහ 17 යන දිනයන්හී මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. 

සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරුන් එක්ව මාතරින් පක්ෂයේ ශාඛා සමිති, කාන්තා සමිති සහ තරුණ සංවිධාන පිහිටු වන වැඩ පිළිවෙළ ආරම්භ කරන අතර මෙම වැඩ පිළිවෙළ ඉදිරි කාලයේ දී රට පුරා දියත් කරන බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රටේ වගකීම භාර ගැනීමට සජිත් සූදානම් | Lanka Newsweek