රටේ බෝම්බ පිපිරෙද්දී මෛත්‍රී පාස්කු දා සිංගප්පූරු ගිය හේතුව මෙන්න ..!

ප්‍රීමා සමාගමෙන් එදා ලැබුණු සන්තෝෂම ඩොලර් මිලියන 2යි හිඟමන් අවශ්‍ය නැහැ-හොරා කෑ සල්ලිවලින් දඩය ගෙවනු මෛත්‍රී හිඟා කන්න හදන්නේ හොරා කෑ සල්ලි මදි වෙලා ද..? Royal Park මිනී මරුවා වන ජූඩ් ශ්‍රමන්ත ජයමහ…
ප්‍රීමා සමාගමෙන් එදා ලැබුණු සන්තෝෂම ඩොලර් මිලියන 2යි
හිඟමන් අවශ්‍ය නැහැ-හොරා කෑ සල්ලිවලින් දඩය ගෙවනු
මෛත්‍රී හිඟා කන්න හදන්නේ හොරා කෑ සල්ලි මදි වෙලා ද..?
Royal Park මිනී මරුවා වන ජූඩ් ශ්‍රමන්ත ජයමහ නිදහස් කිරීමට ලබා ගත් රුපියල් කෝටි ගණනක අල්ලස් මුදලින් සහ ප්‍රීමා සමාගමෙන් මාසිකව ලබා ගත් කෝටි ගණන් සන්තෝෂම් මුදල්වලින් විතරක් වුණත් රුපියල් කෝටි 10 දඩය ගෙවීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි බව දේශපාලන-සමාජ විචාරකයෝ පෙන්වා දෙති.
එසේ එම මුදල්වලින් සිය දඩය ගෙව්වත් මෛත්‍රීපාල සිරිසේන මහතා සතුව රුපියල් කෝටි ගණනක අල්ලස් සහ සන්තෝෂම් මුදල් ඉතිරි වන බව පෙන්වා දෙන එම දේශපාලන-සමාජ විචාරකයෝ ප්‍රීමා සමාගම මාසිකව රුපියල් කෝටි ගණනක මුදලක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන්නේ ශ්‍රී ලංකාව ඇතුළත සිය තිරිඟු පිටි ඒකාධිකාරිය පවත්වා ගෙන යාම සඳහා යැයි ද අවධාරණය කර සිටිති.
ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබිය දී එම ප්‍රහාරය වළක්වා ගන්නේ නැතිව රට-ජනතාව ගැන නොතකා මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා දිනයේ දී සිංගප්පූරුවේ රැදී සිටියේ ප්‍රීමා සමගම සුපුරුදු පරිදි ලබා දෙන සිය සන්තෝෂම් මුදල වෙනුවෙන් වන අතර එහිදී ප්‍රීමා සමාගමේ ප්‍රධානී ප්‍රිමස් චැන් මහතා පැමිණ මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් ලබා දුන් බව ද, එම මුදල් ඔහු ඔස්ට්‍රේලියාවට යැවූ බව ද එම දේශපාලන-සමාජ විචාරකයෝ හෙළි කර සිටිති.
යහ පාලන රජය යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ප්‍රීමා සමාගම අතර එවකට මේ සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ කොළඹ හිටපු නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතා ඇතුළු පිරිසක් බව ද ඔවුහූ කියා සිටිති.