අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ බංකොලොත්භාවය නැති කිරීම දෙසැම්බර් 8 සිට අරඹනවා

රටේ බංකොලොත්භාවය නැති කිරීම දෙසැම්බර් 8 සිට අරඹනවා

දේශපාලනය වෙන්දේසි නොකළ යුතුයි සියලු දේ නොමිලයේ නොදිය යුතුයි රට බංකොලොත් වුණේ පොරොන්දු දේශපාලනය නිසයි 2023 දෙසැම්බර් 8 වැනිදා සිට රටේ බංකොලොත්භාවය නැති කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරන්නේ යැයි කොළඹ…

දේශපාලනය වෙන්දේසි නොකළ යුතුයි 

සියලු දේ නොමිලයේ නොදිය යුතුයි 

රට බංකොලොත් වුණේ පොරොන්දු දේශපාලනය නිසයි 

2023 දෙසැම්බර් 8 වැනිදා සිට රටේ බංකොලොත්භාවය නැති කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරන්නේ යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

රවී කරුණානායක මහතා මේ අදහස් පළ කළේ, දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට එක් වෙමින් වන අතර කොළඹ 07 කේම්බ්‍රිජ් පෙදෙසේ පිහිටි ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

"මේ රටේ දේශපාලනයට අද අවශ්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා වැනි අයයි. ඒ හිඩස අද මනාව පිළිඹිබු වනවා. එම නිසා එම වැඩ පිළිවෙළ අපි අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා.

දැන්වීම

රටේ පෝලිම් යුගයක් තිබුණා. රට බංකොලොත් වුණාම නැවත යථා තත්ත්වයට පත් කිරීම  ලෙසෙහි පහසු නැහැ. මේ අවස්ථාවේ කළ යුත්තේ දේශපාලන පොරපිටියක් ඇති කිරීම නොවෙයි. මේ අය වැයෙන් මීට වැඩිය යමක් කරන්න තිබුණා නම් හොදයි. නමුත් මේ අය වැය හොදයි.

ජාතික නිදහස දිනා ගත් දවසේ සිට සිදු කරන්න නොහැකි වූ සියල්ල මේ වන විට කර ගෙන යනවා. එදා කරන්න නොහැකි වූ සියල්ල අදවත් කළ යුතුයි. IMF දෙවැනි වාරිකය ලැබෙන ස්වරූපයක් තිබෙනවා. ඒ අනුව 2023 දෙසැම්බර් 8 වැනිදා රටේ බංකොලොත්භාවය නැති කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ වේවි.

දේශපාලනය වෙන්දේසි නොකළ යුතුයි. සියලු දේ නොමිලයේ නොදිය යුතුයි. රටේ බංකොලොත්භාවය ඇති වුණේ පොරොන්දු දේශපාලනය නිසයි. දේශපාලකයන් ලෙස අප ඕනෑම වෙලාවක ඕනෑම ඡන්දයකට සූදානම්. බොහෝ දේ අපට අහිමි වුණා නේ...අද එක්සත් ජාතික පක්ෂයේ පරිණත භාවය පේන්න තිබෙනවා. මේ වන විට පක්ෂය කළමනාකරණය කර ගෙන යනවා" 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රටේ බංකොලොත්භාවය නැති කිරීම දෙසැම්බර් 8 සිට අරඹනවා | Lanka Newsweek