අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රටේ ප්‍රෞඪත්වය පිළිබිඹු කරන්නේ දරු පරපුරෙන් සහ වැඩිහිටි පරපුරෙන්..!

රටේ ප්‍රෞඪත්වය පිළිබිඹු කරන්නේ දරු පරපුරෙන් සහ වැඩිහිටි පරපුරෙන්..!

(හේමන්ත තුසිත කුමාර) ලෝක ළමා දිනයත් ලෝක වැඩිහිටි දිනයත් අදට යෙදී තිබෙන අතර එක් අතකින් රටක අනාගත අභිවෘද්ධියත් අනෙක් අතින් රටේ ප්‍රෞඪත්වයත් පිළිබිඹු කරන්නේ දරු පරපුර‍ සහ වැඩිහිටි පරපුර වෙතින් බව විපක්ෂ…

(හේමන්ත තුසිත කුමාර)

ලෝක ළමා දිනයත් ලෝක වැඩිහිටි දිනයත් අදට යෙදී තිබෙන අතර එක් අතකින් රටක අනාගත අභිවෘද්ධියත් අනෙක් අතින් රටේ ප්‍රෞඪත්වයත් පිළිබිඹු කරන්නේ දරු පරපුර‍ සහ වැඩිහිටි පරපුර වෙතින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව සඳහන් කලේ ලෝක ළමා දිනය වෙනුවෙන් සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් වන අතර තව දුරටත් එහි මෙසේද සඳහන් විය.

වත්මන් දරු පරපුර මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ආගන්තුක සුවිශේෂී තත්ත්වයකට ය.කොරොනා ව්‍යසනය හේතුකොටගෙන දරුවන්ගේ ළමා ලෝකය සීමාසහිත තැනකට තල්ලු කොට ඇති අතර දෙවසරක් තිස්සේ අධ්‍යාපනික වශයෙන් ද දරුවන් ගැටලු රැසක් අත්විඳිමින් සිටී.

දැන්වීම

මෙය මින් පෙර නොවූවිරූ තත්වයක් වන අතර, දරු පරපුර කායික සහ මානසික වශයෙන් ශක්තිමත් කිරීමට අප කාටත් අත්හැරිය නොහැකි වගකීමක් පැවරී තිබේ. වත්මන් අභියෝග  හඳුනාගෙන අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහාත්, දරු පරපුර‍ උදෙසාත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු අතර දරුවන් කෙරෙහි එල්ල වන සියලු ආකාරයේ හිංසනයන් නතර කිරීම උදෙසා දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය. ළමා හිංසනය, ළමා විවාහ සහ ළමා මෙහෙකාර සේවය බරපතල උවදුරක් බවට පත්ව ඇති අතර ඒවායින් අත්මිදුණු දරු පරපුරකගේ නිර්මල සිහින යථාර්ථයක් කළ යුතුය.

දරුවන් සම්බන්ධයෙන් සැකසී ඇති විශ්ව ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි අන්තර්ගත වෙනස් කොට නොසැලකීම, දරුවාගේ උපරිම යහපත, පැවැත්ම සහ සංවර්ධනයට ඇති අයිතිය, ළමයාගේ අදහස් වලට ගරු කිරීම යන මූලධර්ම සුරක්ෂිත කිරීම කිසිම හේතුවක් මත උල්ලංඝනය නොකළ යුතු යැයි අප විශ්වාස කරමු.

හොඳම දේ දරුවන්ට යැයි මහත් උත්කර්ෂයට නැංවූ ප්‍රකාශයක් ඇතත් ප්‍රායෝගිකව එය යථාර්ථයක් වීද යන්න විමසීම වැදගත් ය.ඒ අතර, මෙවර වැඩිහිටි දිනය සමරන්නට සිදුව ඇත්තේ ද කොරෝනා අභියෝගය ලෝක වැඩිහිටි ප්‍රජාවට ම බලවත් තර්ජනයක්ව ඇති තත්ත්වයක් තුළ ය.

වැඩිහිටියා රටක මෙහෙයුම්කාරයා ද වන අතර,ඔහුගේ ජීවිතය වඩාත් ඵලදායී ලෙස ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දීම ද වගකීමකි.ලෝක ළමා දිනයත් ,ලෝක වැඩිහිටි දිනයක් යන දෙකම සියලු දෙනාට සමරන්නට සිදුව ඇත්තේ ලෝක ව්‍යසනයකට මුවා වෙමිනි.

නිවසේ වැඩිහිටියන්ට සමීපවී ළමා දිනයත්, දරුවන්ට සමීපවී වැඩිහිටි දිනයත් සමරන්නට හැකිවීම එක්තරා ආකාරයකට සුවිශේෂී තත්ත්වයක් වන අතර දරුවන්ගේත් වැඩිහිටියන්ගේ ලෝකය සුරක්ෂිත සහ නිදුක් නිරෝගී  වේවායි ප්‍රාර්ථනා කරමි.

රටේ ප්‍රෞඪත්වය පිළිබිඹු කරන්නේ දරු පරපුරෙන් සහ වැඩිහිටි පරපුරෙන්..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න