රටේ පවතින්නේ ඒකාධිපති පොලිස් රාජ්‍යයක්

නූතන ශ්‍රී ලංකාවට එවැනි පාලනයක් ගැළපෙන්නේ නැහැ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ සහ සමාජ ක්‍රමයේ ප්‍රචණ්ඩත්වය ඉහළින්ම පවතින නිසා එම ප්‍රචණ්ඩත්වය බැහැර කර ඕනෑම ගැටලුවකට හිතෛශීවන්ත භාවයෙන්ත්ව, සාකච්ඡාවෙන්,…
නූතන ශ්‍රී ලංකාවට එවැනි පාලනයක් ගැළපෙන්නේ නැහැ
රටේ දේශපාලන ක්ෂේත්‍රයේ සහ සමාජ ක්‍රමයේ ප්‍රචණ්ඩත්වය ඉහළින්ම පවතින නිසා එම ප්‍රචණ්ඩත්වය බැහැර කර ඕනෑම ගැටලුවකට හිතෛශීවන්ත භාවයෙන්ත්ව, සාකච්ඡාවෙන්, සම්මුතියෙන් සහ පොදු එකඟතත්වයෙන් යුතුව ගැටලුවලට විසඳුම් සෙවීමට දූ දරුවන්ට ඉගැන්විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
රටේ ලක්ෂ 220ක් වූ මහා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය මහා පාරට බහින විට රාජ්‍ය කේන්ද්‍රීය ත්‍රස්තවාදය සහ මිලේච්ඡත්වය ප්‍රදර්ශනය කරමින් ප්‍රහාර එල්ල කළේ යැයි ද, එවැනි නූතන ශ්‍රී ලංකාවට නොගැලපෙන්නේ යැයි ද, භාෂණයේ, දේශපාලනය කිරීමේ, පාද යාත්‍රා යාමේ සහ වර්ජනය කිරීමේ නිදහස සෑම පුද්ගලයකුටම හිමි අයිතිවාසිකමක් වුවත් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තන්ත්‍රයක් නොව ඒකාධිපති රාජ්‍ය තන්ත්‍රයක් යැයි ද සජිත් ප්‍රේමදස මහතා චෝදනා කළේය.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින්නේ පොලිස් රාජ්‍යයක් යැයි ද, ඒ හේතුවෙන් මර්දනය, ගර්ජනය, හිරිහැර සහ පහරදීම් ප්‍රචලිත වී ඇතැයි ද, මිනිසුන්ගේ විවිධාකාර වූ ගනුදෙනු තෝරා බේරා ගැනීමේ ක්‍රමය විය යුත්තේ ශාරීරික හානි කිරීම හෝ ප්‍රචණ්ඩත්වයේ මැර ප්‍රහාර එල්ල කිරීම නොව සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, අවබෝධතාවෙන් සහ එකඟතාවෙන් කටයුතු කිරීම යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 75 වැනි අදියර යටතේ මාතර අතුරලිය ජේ ආර් එස් අල්මේදා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර කට්ටලයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 75ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 727ක් වැය කර තිබේ.
