රටේ දරු දැරියෝ 56,000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙති

ශ්‍රී ලාංකීය දරු දැරියන් 56,000 ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඒ අතරින් වයස අවුරුදු 5 ට අඩු දරු දැරියන් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙයි. එසේම…
ශ්‍රී ලාංකීය දරු දැරියන් 56,000 ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඒ අතරින් වයස අවුරුදු 5 ට අඩු දරු දැරියන් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙයි.
එසේම ශ්‍රී ලංකාවේ දරු දැරියන් ලක්ෂ විසි දෙකකට මානුෂීය සහාය අවශ්‍ය වී තිබෙන අතර ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය හේතුවෙන් විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන් ප්‍රමාණයද 286% කින් 2022 වසරේ වැඩි වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.
එපමණක් නොව ශ්‍රී ලංකාවේ දරු දැරියන් මිලියන 4.8 කට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය වී තිබෙන බව පෙන්වා දෙන එම වාර්තාව ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට 2023 වසරේ පෙබරවාරි මස දක්වා කාලයේ දී ආහාර අනාරක්ෂිත භාවය තවත් දරුණු අතට හැරෙතැයි අනුමාන කර ඇති අතර මිලියන 6.2 ක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවත් 66,000 ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් කියා සිටියි.
දැන්වීම
ශ්‍රී ලංකාවේ සෑම පවුල් පහකින් දෙකක්ම සිය මාසික වැටුපෙන් 75%ක් වියදම් කරන්නේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බැවින් එම පවුල්වලට අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් වෙන්කළ හැක්කේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් බව ද එම වාර්තාව පෙන්වා දී තිබේ.
උද්ධමනය හේතුවෙන් පවුල් බොහොමයක් තමන් ඉතුරු කර ගත් මුදල් බොහොමයක් වියදම් කර අවසන් බවත් එම පවුල් තම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිව බරපතල ගැටලුවකට මුහුණ දී සිටින බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.