අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ තත්ත්වය අනුව පළාත් පාලන මැතිවරණය ප්‍රායෝගික නැහැ

රටේ තත්ත්වය අනුව පළාත් පාලන මැතිවරණය ප්‍රායෝගික නැහැ

පළාත් පාලන මැතිවරණය නොපවත් වන්නේ නම් එසේ කළ හැක්කේ අධිකරණ තීන්දුවක් උඩ පමණක් යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය සහ එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා…

පළාත් පාලන මැතිවරණය නොපවත් වන්නේ නම් එසේ කළ හැක්කේ අධිකරණ තීන්දුවක් උඩ පමණක් යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය  සහ එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා පැවැසීය. 

එසේ නොමැතිව වෙනත් ක්‍රමයකින් මැතිවරණය කල් දැමීමේ හැකියාවක් නොමැති බව පැවැසූ නවීන් දිසානායක මහතා, මෙම මැතිවරණය සම්බන්ධයෙන් නොයෙකුත් මත ප්‍රකාශ වී තිබෙන බැවින් මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති නඩුවේ තීරණය ඉතා ඉක්මනින් ලැබීම අවශ්‍ය බව ද සඳහන් කළේ ය.

නවීන් දිසානායක මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පහිටි "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. 

දැන්වීම

මැතිවරණයක් පැවැත්වීමෙන් ජනතාවගේ මතය දැන ගැනීමට අවස්ථාව ලැබෙන නමුත් මුදල් අමාත්‍යාංශයට මුදල් නොමැති බැවින් ප්‍රායෝගිකව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අපහසු බව ද නවීන් දිසානායක මහතා එහිදී පෙන්වා දුන්නේය. 

ඒ අනුව, මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව රජය  ඉදිරි දින කිහිපයේදී නිල වශයෙන්  ප්‍රකාශ කරනු ඇතැයි ද නවීන් දිසානායක මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රටේ තත්ත්වය අනුව පළාත් පාලන මැතිවරණය ප්‍රායෝගික නැහැ | Lanka Newsweek