අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ ණයත් ගෙවා හොරුත් අල්ලන හැටි විපක්ෂ නායක කියයි

රටේ ණයත් ගෙවා හොරුත් අල්ලන හැටි විපක්ෂ නායක කියයි

රූපවාහිනියෙන්-රේඩියෝවෙන් බිරිහන් දුන්නට ඩොලර් බිලියන 90ක ණය ගෙවන්න බැහැ බලය ලැබුණේ නෑ කියන අය තමයි ආර්ථික ත්‍රස්තවාදීන් බලයට ගෙන ආවේ හතුරෝ මිතුරෝ කර ගන්න කලින් රට ගොඩ ගන්න ඕන රූපවාහිනියෙන් හෝ…

රූපවාහිනියෙන්-රේඩියෝවෙන් බිරිහන් දුන්නට ඩොලර් බිලියන 90ක ණය ගෙවන්න බැහැ 

බලය ලැබුණේ නෑ කියන අය තමයි ආර්ථික ත්‍රස්තවාදීන් බලයට ගෙන ආවේ

හතුරෝ මිතුරෝ කර ගන්න කලින් රට ගොඩ ගන්න ඕන

රටේ ණයත් ගෙවා හොරුත් අල්ලන හැටි විපක්ෂ නායක කියයි

රූපවාහිනියෙන් හෝ රේඩියෝවෙන් බෙරිහන් දිදී සුන්දර ආකර්ෂණීය ලෙස කතා කළත් රටක් ලෙස අප ඩොලර් බිලියන 90ක් ණය බවත් රට බංකොලොත් භාවයෙන් මුදවා ගත හැක්කේ එම ණය ගෙවීමෙන් පසුව බවත් ඒ වෙනුවෙන් අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් සහ සෘජු විදේශ ආයෝජන දිරිමත් කිරිම සදහා දූෂණය වංචාව හොරකම රටේ රාජ්‍ය පාලනයෙන් තුරන් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

සමහර පුද්ගලයන් ෆයිල් මිටි ගණන් පෙන්වා එම ෆයිල් මිටිවල තිබෙන හොරකම් හෙළි කර ඔවුන් නිතිය හමුවට ගෙන එන බව පැවසුවත් සමගි ජන බලවේගය බලයට ඒමටත් පෙර සිට නීතිය හමුවට ගෙන විත් රට බංකොලොත් කළ රාජපක්ෂවරු ඇතුළු පිරිස කවුද කියා අනාවරණය කළ බවත් මේ රටේ ජනතාවට වන්දි ගෙවීමට මේ කණ්ඩායම සූදානම් විය යුතු බවත් ඒ සදහා ද නීතිමය පියවර ගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

දැන්වීම

පාසල් 10126ක 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට යුක්තිය සාධාරණත්වය ඉටු කිරිම වෙනුවෙන් රට බංකොලොත් කළ හොරු කණ්ඩායම නීතිය හමුවට ගෙනවිත් ඔවුන්ට විරුද්ධව අධිකරන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඔවුන් රටෙන් හොරා ගත් සම්පත් නැවත රට තුලට ගෙනවිත් එම මුදල් උපයෝගී කර ගෙන පාසල් පද්ධතිය සංවර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 96 වැනි අදියර යටතේ රත්නපුර, ඇහැලියගොඩ පත්බේරිය නාරද මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආණ්ඩු බලයේ හිටියේ නෑ කියල කියන අය රට බංකොලොත් කල කණ්ඩායම දිනවන්න ගෙන් ගෙට ගොස් කටයුතු කළ බවත් එම නිසා මේ බංකොලොත්භාවයට ඔවුන්ද වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හතුරන් මිතුරන් පත් කර ගැනීම පැත්තකට දමා ගරා වැටුනු බිද වැටුණු රට ගොඩනගන්න කටයුතු කළ යුතු බවත් ඇත්ත කතා කළ යුතු බවත් රාජ්‍ය පාලනය යනු විහිලුවක් නොව ඒ තුළ සෑම ක්ෂේත්‍රයකම ජනතාවගේ අපේක්ෂා යම් මට්ටමකින් හෝ ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එක්තරා රූපවාහිනි නාලිකාවක යෙදුනු විවාදයක දී සජිත් ප්‍රේමදාස නොනිදන වැඩ කොටසක් සිදු කරන බවට දැන ගැනීම සදහා අදාළ කථිකයාට දුරකථන ඇමතුමක් ගන්නා ලෙස නිවේදකයන් අභියෝග කළ අවස්ථාවේ එම කථිකයා දුරකථන ඇමතුමක් ගන්නා විට මධ්‍යම රාත්‍රියට ආසන්න වුවත් දවසේ විශාල වැඩ කොටසක් සිදු කර මහන්සියෙන් සිටියත් එම දුරකථනයටද ප්‍රතිචාර දැක්වූ බවත් මේ රටේ සිටින කිසිදු දේශපාලන නායකයකුට තමා සමග රට සංවර්ධනය කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්ල සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 96ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 946ක් වැය කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රටේ ණයත් ගෙවා හොරුත් අල්ලන හැටි විපක්ෂ නායක කියයි | Lanka Newsweek