රටේ ජන ගහනයෙන් තුනෙන් එකකට කන්න නැහැ

පවුල් දහයකින් අටක්ම එක වේලක් මඟ හරිනවා ලෝක ආහාර වැඩ සටහන පෙන්වා දෙයි ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර හිඟයකින් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. රටේ…
පවුල් දහයකින් අටක්ම එක වේලක් මඟ හරිනවා
ලෝක ආහාර වැඩ සටහන පෙන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර හිඟයකින් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ.
රටේ උද්ගත වී තිබෙන ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා පවුල් 10න් 8ක් ම ආහාර වේල් මග හැරීම සහ ආහාර ණයට ගැනීමට යොමුව ඇති අතර මෙම තත්ත්වය කාන්තාවන් ප්‍රධානත්වය ගන්නා පවුල්වල ඉතා දරුණු බව ද ලෝක ආහාර වැඩ සටහන පෙන්වා දෙයි.
මෙම ආහාර අර්බුදය ගම්බද ජනතාවට වඩා නගරබද සහ වතුකරයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරන අතර ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 සහාය වීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 63 ක මුදලින් තවමත් ලැබී ඇත්තේ 35% ක් පමණි.
ශ්‍රී ලංකාවේ ජන ගහණයෙන් මිලියන 6.3 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් අවම වශයෙන් 66,000 ක් දරුණු ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ලෝක ආහාර වැඩ සටහන වැඩි දුරටත් පෙන්වා දෙයි.