අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රටේ උපාධිධාරීන්ට සහ වෘත්තීයවේදීන්ට අවශ්‍ය රැකියා නිර්මාණය කිරීමට රජයට බැහැ

අසාර්ථකත්වය එමගින් හෙළි වනවා

විපක්ෂ නායක චෝදනා කරයි

සජිත් ප්‍රේමදාස

ශ්‍රි ලංකා⁣ව මේ වන විට මුහුණ දී ඇති බරපතළ සාර්ව ආර්ථික අභියෝග අතර විරැකියාව ප්‍රමුඛ වී ඇති බවත් තරුණ පරපුර ඇතුළු වැඩ කළ හැකි ජනතාවට ප්‍රමාණවත් රැකියා නිර්මාණය නොවීම රටේ ආර්ථික වර්ධනයට සේම සමාජ ස්ථාවරයට බලපාන බරපතල ගැටලුවක් ඇති බවත් එමනිසා වත්මන් විරැකියා තත්ත්වය හා ව්‍යාප්තිය සේම එය විසදීමට ගත හැකි පියවර ගැන රජයෙන් දැන ගැනීමට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ පාර්ලිමේතුවේ දී සිකුරාදා (06) ප්‍රශ්න කරමිනි.

දැන්වීම

ශ්‍රි ලංකාවේ වත්මන් විරැකියා තත්ත්වය ගැන රජයේ නිල සංඛ්‍යා ලේඛන අනුව විරැකියාව අනුපාතය ඉදිරිපත් කර එය වයස අධ්‍යාපන මට්ටම හා ස්ත්‍රී පුරුෂ භාවය අනුය පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ඉදිරිපත් කරන ලෙසත් විරැකියාව බරපතල සාර්ව ආර්ථික ගැටලුවක් වී ඇති නිසා සුදුසු රැකියා නැති නිසා තරුණ ශ්‍රම බලකාය රට අතහැර යාමත් සමග බුද්ධි ගලන ගැටලුව නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විරැකියා ගැටලුව විසදන්න රජයට ඇති වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න

රටේ විරැකියාව ගැටලුව විසදීම සදහා රජය විසින් මේ වන විට හදුනා ගෙන ඇති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත විසදුම් හා වැඩපිළිවෙළ සේම ඉදිරි වසර තුනේ වාර්ෂිකව නිර්මාණය කරන රාජ්‍ය හා පෞද්ගලික නව රැකියා සංඛ්‍යාවත් විරැකියාව අවම කිරීමට දේශීය හා විදේශීය ආයෝජන ඉහළ නැංවීමේ දී රජය අනුගමනය කරන ආයෝජන උපයාමා⁣ර්ග මෙන්ම ඒ තුළින් සෘජු හා වක්‍ර රැකියා නිර්මාණය කරන ප්‍රමාණය ද දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විරැකියා ගැටලුවට ප්‍රායෝගික විසදුම් අවශ්‍යයි

රටේ උපාධිධාරීන්ට සහ වෘත්තීයවේදීන්ට අවශ්‍ය රැකියා නිර්මාණය කිරීමට රජයට නොහැකි වීම නිසා රජයේ අසාර්ථකත්වය පෙනී යන බවත් රටේ පවතින විරැකියා ගැටලුව ප්‍රායෝගිකව තිරසාරව විසදීමට අවශ්‍ය දේශීය හා විදේශීය ආයෝජන අවස්ථා සම්බන්ධ රජයේ ඇස්තමේන්තුව සේම එම ආයෝජන අවස්ථා සපුරා ගැනීමට ඇති මූල්‍ය උපායමාර්ග ඉදිරිපත් කරන ලෙසත් විරැකියා ගැටලුව විසදීමේ දී ශීඝ්‍රයෙන් වෙනස් වන රැකියා වෙළෙඳපොළ ස්වාභාවය අනාගත රැකියා ගැන රජයේ අධයනය ඉදිරිපත් කරන ලෙසත් දැන් AI නිසා රැකියා වෙළෙඳපොළ වෙනස් වී ඇති නිසා මේ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඌන සේවා නියුක්ති ගැටලුව විසදන්න ඇති වැඩපිළිවෙළ කවරේද..?

ඌන සේවා නියුක්තිය පිළිබද රජය සතු අධ්‍යනය ඉදිරිපත් කරන ලෙසත් රාජ්‍ය අංශයේ ඌන සේවා නියුක්තිය ඇති බවත් මේ ගැටලුවට රජය ලබා දෙන විසදුම ඉදිරිපත් කරන ලෙසත් රැකියාවල ගුණාත්මකභාවය ඵලදායිතාව වැටුප් වැඩි කිරීමට රජයට ඇති වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් නව ව්‍යවසායකයන් ආරම්භ කර විරැකියාව අවම කිරීම රජයට ඇති වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

විරැකියාව නැති කරන්න රජයට වැඩපිළිවෙළක් නැහැ

රජයට අනුව විරැකියාව බරපතල ගැටලුවක් නොවුවත් IMF වාර්තාව අනුව 24 දක්වා උපාධිධාරීන් අතර රැකියා විරහිතභාවය ආසියාවේ බරපතල තැනක ලංකාව ඇති බවත් රජය යෝජනා ඉදිරිපත් කළත් ප්‍රායෝගික වැඩපිළිවෙළ ඉදිරිපත් නොකරන බවත් මේ වන විට රටේ ආයෝජන රට අතහැර යාමක් සිදුවන බවත් නව ආයෝජන ගෙන එන්න සහ පවතින ආයෝජන රැක ගන්නවත් රටට වැඩපිළිවෙළක් නොමැති බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය වැඩසටහනක් රජය ක්‍රියාත්මක කරන බව පැවසුවත් එම මුදල් පවා යන්නේ ආරක්ෂිත ව්‍යවසායකයන්ට පමණක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඖධධ හිගයට පිළියම් දෙන්න

මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල ඖෂධ හිගයක් ඇතිව තිබෙන බවත් රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම මේ ගැටලුව ඇති බවත් පිළිකා මර්දන බෙහෙත් සේම සෙසු ඖෂධ ද හිග බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රටේ උපාධිධාරීන්ට සහ වෘත්තීයවේදීන්ට අවශ්‍ය රැකියා නිර්මාණය කිරීමට රජයට බැහැ | Lanka Newsweek