රටේ ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලික සමාගමකට පැවරීමේ රජය සූදානම් වෙනවා

රටේ ආර්ථික මධ්‍යස්ථාන 18න් මධ්‍යස්ථාන13ක් සක්‍රීයව ක්‍රියාත්මක බවත් මේ ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන්නේ භාරයක් හරහා බවත් තමා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ දී එහි සිටින වෙළෙඳ…
රටේ ආර්ථික මධ්‍යස්ථාන 18න් මධ්‍යස්ථාන13ක් සක්‍රීයව ක්‍රියාත්මක බවත් මේ ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන්නේ භාරයක් හරහා බවත් තමා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ දී එහි සිටින වෙළෙඳ ව්‍යාපාරිකයන් සහ ගොවියන් විසින් ප්‍රකාශ කළ ආකාරයට පරිපාලන ව්‍යූහයේ වෙනසක් ඇති කර මේ ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලික සමාගමකට පවරන්න යන බවට දැන ගන්නට ලැබූ බවත් කෝටි 600ක පමණ වටිනා මෙම ඉඩම් සහ දේපොළ අත්තනෝමතිකව පැවරීමට යන බවට ගොවියන් චෝදනා එල්ල කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.
වසර 33ක බදු ගිවිසුමක් හරහා තවත් පාර්ශ්වවලට මෙම ආර්ථික මධ්‍යස්‌ථාන පැවරීමේ හැකියාව ඇති බවත් බීජ, පොහොර, රසායන ද්‍රව්‍ය ආදී කෘෂි නිෂ්පාදන අලෙවි ජාලය පැවරීමට විධිමත් සාකච්ඡාවකින් තොරව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
මෙවැනි වෙනසක් ඇති කරන්න හේතු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ කුමන අරමුණු මත ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ගොවි ජනතාවට මේ ගැටලුවලට නිසි විසඳුම් ලබා දිය යුතු බවත් මේ ගොවි ජනතාව ගෙන්වා විවෘතව සාකච්ඡා කළ යුතු බවත් මේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලික සමාගම්වලට දෙනවා කියා ගොවි ජනතාව චෝදනා කරන බැවින් මෙහි සත්‍ය හෙළි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළේය.