අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටපුරා හදීසි ආපදා තත්ත්වයක් මතු වෙලා.. රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රටපුරා හදීසි ආපදා තත්ත්වයක් මතු වෙලා.. රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ආපදා තත්ත්වය තුළ ආපදා කළමනාකරණ කමිටු හරහා සිදුවිය යුතු සේවාව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (21) අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී පැවසීය. මාතර දිස්ත්‍රික්කයේ ලවන බාධක ගැටලුව…

ආපදා තත්ත්වය තුළ ආපදා කළමනාකරණ කමිටු හරහා සිදුවිය යුතු සේවාව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (21) අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මාතර දිස්ත්‍රික්කයේ ලවන බාධක ගැටලුව නිසා විශාල ගොවිබිම් ප්‍රමාණයක් හානි වෙන්න යන බවත් මේ ආපදා තත්ත්වය තුළ දැනටමත් මිනිස් ජීවිත 3ක් අහිමි වී ඇති බවට වාර්තා වෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සලසන්න අපිත් සූදානම්

පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව බලකාය වැනි වැඩසටහන් ක්‍රියාත්මක වූ බවත් ඒ වැඩසටහන්වලට අමතරව රජයෙන් ද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා විපක්ෂයේ ද දායකත්වය ලබා දෙන්න සූදානම් බැවින් ඉදිරියේ දී වර්ධනය වන ආපදා තත්ත්වය සම්බන්ධ වැඩසටහන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න