අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටට හෙණ ගැහුවත් මැතිවරණය ඕනෑ නම් සියලු ජනයා පරීක්ෂා කරන්න වෙයි

රටට හෙණ ගැහුවත් මැතිවරණය ඕනෑ නම් සියලු ජනයා පරීක්ෂා කරන්න වෙයි

ආසාදිතයින් නිසි ලෙස හඳුනා ගැනීමෙන් තොරව මහ මැතිවරණය පවත් වනු බැහැ මහ මැතිවරණයයි-වසංගතයයි ගැන රනිල්ගේ ස්ථාවරය මෙන්න (සුජිත් මංගල ද සිල්වා) මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නම් COVID-19 හෙවත්…

ආසාදිතයින් නිසි ලෙස හඳුනා ගැනීමෙන් තොරව මහ මැතිවරණය පවත් වනු බැහැ 

මහ මැතිවරණයයි-වසංගතයයි ගැන රනිල්ගේ ස්ථාවරය මෙන්න 

(සුජිත් මංගල ද සිල්වා)

මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නම් COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති දැයි සොයා රටේ සියලු පුරවැසියන් පරික්ෂා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

රට පුරාම වසංගතයක් ලෙස පැතිර ඇති කොරෝනා වෛරසය පරික්ෂා කිරීමට අවශ්‍ය උපකරණ සහ සේවයකයන් සොයා ගැනීම රජය සතු ප්‍රධාන අභියෝගය යැයිද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත කරුණ පෙන්වා දෙනු ලැබූවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානතයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති පාර්ලිමේන්තුවේ හිටපු පක්ෂ නයකයින්ගේ සර්ව පාක්ෂික සමුළුවේදීය.

දැන්වීම

ජනතාවට බියෙන් සහ සැකෙන් තොරව මහ මැතිවරණයේදි ඡන්දය භාවිතා කිරිමට නම් ඉහත පරික්ෂණය කළ යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.රටපුරාම වසංගතයක් ලෙස පැතිර ගොස් ඇති කොරෝනා ආසාදිතයන් නිසි ලෙස හදුනා නොගෙන මහ මැතිවරණය පැවැත්විය නොහැකි යැයිද ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

කොරෝනා වෛරසය හදුනා ගැනිමේ වැදගත්කම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයා පෙන්වා දුන් කරුණු ගැන සොයා බලන්නැයි අත්‍යවශ්‍ය ආහාර පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාට අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම අවස්ථාවේදීම දැනුම දී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රටට හෙණ ගැහුවත් මැතිවරණය ඕනෑ නම් සියලු ජනයා පරීක්ෂා කරන්න වෙයි | Lanka Newsweek