රටට අවුරුද්දක් නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙනු

රට අරාජික නොකර රටට අවුරුද්දක් නිදහසේ හුස්ම ගන්න ඉඩදී දේශපාලනය කරන ලෙස සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. "ඔබේ අරගලය කර ගන්න. නමුත් දියුණුවේ පාර…
රට අරාජික නොකර රටට අවුරුද්දක් නිදහසේ හුස්ම ගන්න ඉඩදී දේශපාලනය කරන ලෙස සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
"ඔබේ අරගලය කර ගන්න. නමුත් දියුණුවේ පාර වැහුවොත් රට අරාජික වීම වළක්වන්න බැහැ" යැයිද ඔහු සඳහන් කළ අතර ඔහු මේ බව පැවසුවේ COVID-19 වසංගතයෙන් වසර තුනකට පසු පැමිණි චීන සංචාරකයන් රැගත් පළමු ශ්‍රී ලංකන් ගුවන් යානය බදාදා (01) රාත්‍රී පිළිගනිමිනි.
චීන සංචාරකයින් එකසිය විසි දෙනෙක් එම ගුවන් යානයෙන් මෙරටට පැමිණි අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හරින් ප්‍රනාන්දු මහතා මෙසේද සඳහන් කළේය.
"චීන සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීම විශාල ප්‍රගතියක්. චීන සංචාරකයන් ලක්ෂ පහක් ඉදිරි ඉදිරියේදී පැමිණිය හොත් එමගින් ලැබෙන මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන මුදලට සමානයි"