රටට අවශ්‍ය සුද්දන්ගේ න්‍යාය පත්‍රයට නටන අය නොවේ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගෙදර ය යුතුයි..! (සුජිත් මංගල ද සිල්වා) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට රජය තීරණ ගත හොත්, එය රටේ අනවශ්‍ය දේශපාලන ගැටලු ඇති කිරීමට ඉඩ ඇති බව හිටපු මුදල් අමාත්‍ය,…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගෙදර ය යුතුයි..!
(සුජිත් මංගල ද සිල්වා)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට රජය තීරණ ගත හොත්, එය රටේ අනවශ්‍ය දේශපාලන ගැටලු ඇති කිරීමට ඉඩ ඇති බව හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උපනායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියි.
රවී කරුණානායක මහතා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ යෝජනා ඉදිරිපත් කළද, ඊට ඇහුම්කන් දීම මිස එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි .
දැන්වීම
රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ඉරිදා (04) පෙරවරුවේ,කොළඹ තොටළඟ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
උතුරු කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩා සංගම් පහක් සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි.රවී කරුණානායක මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ක්‍රීඩා උපකරණ තොගය බෙදා හරිනු ලැබීය.
උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේ ද කීය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළින් අපට ලැබෙන්න තියෙන දේ ලැබිල තිබෙන්නේ.දැන් ඒ අයගෙ කාලය ඉකුත් වෙලා තියෙන්නෙ. මේ අවස්තාවේ දී IMF එකෙන් අවශ්‍ය දේ අපි කර ගෙන තියෙන නිසා, ඒ අය කියන දේවල් අපි කරන්න අවශ්‍ය නැහැ. IMF තමා සමහර අවස්ථාවලදී රජයත් ජනවත් අතර ගැටලු ඇති කරන්නෙ. ඔවුන් අනවශ්‍ය යෝජනා ගෙනවිත්,ජනතාව කෙරෙහි රජය ද්‍රෝහි ලෙස කටයුතු කරන වෛරක්කාරයන් බවට පත් කරනවා. මම හිතන්නෙ IMF එක අපේ රට තුළ සිය කාර්ය අවසන් නිසා ඒ අයට දැන් යන්න පුළුවන්. අපට අවශ්‍ය ඔය සුද්දන්ගෙ න්‍යාය පත්රවලට වැඩ කරන එක නෙමේ.
රටට අවශ්‍ය විදිහට හිතන්න පුළුවන්, ජනතාවට පිළිගන්න පුළුවන් ආකාරයෙන් කටයුතු කරන්නයි අවශ්‍ය වෙන්නේ.IMF එක යෝජනා කළ එකක් තමා නිවාස අලෙවි කරන අවස්ථාවේ 15% VAT බද්ධක් පනවපු එක. මේක අනවශ්‍ය බද්ධක්. මේකෙන් කිසිම ආදායමක් ලැබෙන්නෙ නැහැ. නමුත් තවත් කර්මාන්තයක් බිඳ වැටෙන එක විතරයි වෙන්නේ. මම මුදල් ඇමැති කාලෙ පොරොන්දු වුනා, වසර දෙකකට පසුව VAT බද්ධ 9% දක්වා අඩුකරන්න. දැන් ඒක ක්‍රියාත්මක කරන්න කාලය ඇවිත් තියෙන්නෙ.මොකද මම එහෙම පොරොන්දුවක් දුන්නේ කිසියම් අරමුණකින් කටයුතු කළ නිසා. මම රාජ්‍ය ආදායම වැඩි කර ගන්නා සැලසුම් ක්‍රියාත්මක කළා.
ඒඅනුව 2015/2016/2017 මුල් මාස හය තුල විශාල ප්‍රගතියක් ලැබුවා.දැන් එහෙම ආදායම් ලැබෙන තත්ත්වයක් පෙනෙන්නේ නැහැ.මම මුදල් ඇමැති කාලේ රාජ්‍ය ආදායම 25-30% කින් වර්ධනය කළා. ඒ වර්ධනය දැන් පෙනෙන්නේ නැහැ. අද සූරා බදු ආදායම බරපතළ ලෙස පහත වැටිලා. මොකද ජනතාව සූරා පානය නොකර හිටියා ද ?
කොහාට ද මේ මුදල් ටික ගිහින් තියෙන්නෙ. මේව ගැන තමා අපි හොයන්න ඕනෑ. අනවශ්‍ය ලෙස ආදායම අහිමි වුනොත් නැවත ජනතාව මත බදු පැටවීමක් වෙන්න පුලුවන්. මම මුදල් ඇමැති කාලේ බැංකු ණය පොලී අඩුකරන ලෙස මහ බැංකුවට පෙන්වා දුන්නා. එතන ඉන්න න්‍යාය පණ්ඩිතයන් ඒවා ගනන් ගත්තෙ නැහැ.අද රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නව රැකියා උත්පාදනයට ඒක බල පෑව විතරක් නොවේ ,ස්වයං රැකියා කරන පිරිසටත් කුඩා,සහ මධ්‍යම පරිමාණ ව්‍යාවසායකයන් සඳහාත් ගැටලු ඇති කළා.
මේ රජය ජනතාව ගෙන් ඈත් කරල තියන්නෙ ඔය මහ බැංකුවේ සිටින පණ්ඩිතයන් කිහිප දෙනෙක්. කිසිඳු ප්‍රායෝගික අත්දැකීමක් නොමැති මේ නිලධාරීන් සමඟ රට ඉදිරියට ගෙන යන එක ගැටලුවක්”යැයිද රවී කරුණානායක මහතා වැඩි දුරටත් කීය.