අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටක දියුණුව අධ්‍යාපනය සහ සෞඛ්‍ය මතයි

රටක දියුණුව අධ්‍යාපනය සහ සෞඛ්‍ය මතයි

(සුජිත් මංගල ද සිල්වා) රටක් සංවර්ධනය කළ හැක්කේ දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන අතරම සෞඛ්‍ය සේවා දියුණු කර නීරෝගී ජනතාවක් බිහි කිරීමෙන් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේබව…

(සුජිත් මංගල ද සිල්වා)

රටක් සංවර්ධනය කළ හැක්කේ දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන අතරම සෞඛ්‍ය සේවා දියුණු කර නීරෝගී ජනතාවක් බිහි කිරීමෙන් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මේබව පැවසුවේ 1990 "සුවසැරිය"  හදිසි ගිලන්රථ සේවාවේ II වන අදියරට අදාළ ගිවිසුමට අත්සන් තැබීම වෙනුවෙන් කොළඹ, අරලියගහ මන්දිරයේදී අද (03) පවතී උත්සවයේදීය.

දැන්වීම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මෙම සුවසැරිය හදිසි ගිලන් රථ සේවා වැඩසටහන විශාල පුණ්‍යකර්මයක් ලෙස හැදින්විය හැකියි. යමෙකුගේ ජීවිතයක් බේරාගැනීම, රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආදිය පින් ලැබෙන ක්‍රියා ලෙසයි සැලකෙන්නේ. එසේ නම් මෙම සුවසැරිය වැඩසටහන හරහා සිදු කෙරෙන ජීවිත බේරාගැනීම, රෝගීන්ට ප්‍රතිකාර කිරීම පුණ්‍යකර්ම ලෙස හැදින්විය හැකියි. ගිලනුන්ට උපස්ථාන කිරීම මිනිසාගේ පරම යුතුකමක් බව බුදුරජාණන් වහන්සේ ද දේශනා කර තිබෙනවා. ශාරීරිකව මෙන්ම මානසිකව ද රෝගීන්ට අප ප්‍රතිකාර කළ යුතුයි.

ඉන්දියාවේ ආරම්භ කරන ලද මෙම නවීන ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවටත් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප්‍රමුඛ ඉන්දීය රජයට අපේ ස්තඣතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. මේ හරහා ශ්‍රී ලාංකික ජනතාවට සිදු වන සේවාව මම විශේෂයෙන් සඳහන් කළ යුතු නැහැ. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් අද මගෙන් විමසන ප්‍රශ්නය නම් මෛම සුවසැරිය හදිසි ගිලන් රථ සේවාව තම ප්‍රදේශයටත් ලබාදෙන්නේ කවදාද? යන්නයි. ඒ අනුව සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන අදියර අද ආරම්භ කරනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ රෝගීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් අප අවධානය යොමු කරනවා. රාජිත සේනාරත්න ඇමැතිතුමා පැවසූ පරිදි බොහෝ අවස්ථාවල රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත ගෙන යනු ලබන්නේ ත්‍රීරෝද රථ භාවිත කරමිනුයි. එසේ නම් එම රෝගීන්ට මෙම සුවසැරිය හදිසි ගිලන් රථ සේවාව ලබාදීම හරහා අප විශාල සේවයක් සිදු කර තිබෙනවා. දේශපාලන භේදයකින් තොරව මෙම ගිලන් රථ සේවාව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සහ එය ආරක්‍ෂා කර ගැනීමට අප කටයුතු කරනවා.

මේ අවස්ථාවේදී තවත් වැදගත් කාරණයක් මම ඔබට සිහිපත් කළ යුතුයි. එනම් අපේ ආණ්ඩුව යටතේ අධ්‍යාපනයට හා සෞඛ්‍යට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. නමුත් 2017 – 2018 වර්ෂ අපට මූල්‍යම අතින් ඉතාමත් අපහසු වර්ෂ ලෙස සැලකිය යුතුයි. මෙම වර්ෂවල අපට ඉතා විශාල මුදලක් ලබාගත් ණය වෙනුවෙන් ගෙවීමට සිදුව තිබෙනවා. ඒ වගේම අපේ ආර්ථිකය නැවතත් නිසි මගට යොමු කර ගනිමින් සංවර්ධනය කර ගත යුතුව තිබෙනවා. මෙවැනි තත්ත්වයකදී ආණ්ඩුවක් වියදම් අඩු කිරීම මිස වියදම් වැඩි කර ගැනීම සිදු කරන්නේ නැහැ. මෙවැනි තත්වයක් යටතේ වුවත්  සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට යොමු කරන මුදල් ප්‍රමාණය වැඩි කිරීමට අපේ ආණ්ඩුවට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවාවන් දියුණු කිරීමටත් අප කටයුතු කර තිබෙනවා. ඔඣීෂධ මිල පහත හෙළීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා කටයුතු කර තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළත් අප මෙවැනිම සංවර්ධනයක් ඇති කරමින් ඊට යොදවන මුදල් ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුව ජනතා සුභ සාධනය සඳහා වැඩි වැඩියෙන් මුදල් වෙන් කිරීමට මූලිකත්වය ලබාදී තිබෙනවා. අප මෙම වැඩකටයුතු ඉදිරියටත් සිදු කරනවා. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන් වල දියුණුව වෙනුවෙන් අපේ ආණ්ඩුව ඉටු කරන සේවාව මෙම වසරේත් එළඹෙන වසරේත් රටේ ජනතාවට දැකගන්නට හැකි වේවි. ඒ වෙනුවෙන් අප කැපවී සිටිනවා. රට සංවර්ධනය කිරීමට නම් ජනතාවට අධ්‍යාපනය, දැනුම ලබාදෙමින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කළ යුතුයි. මෙම සුවසැරිය හදිසි ගිලන් රථ සේවාව හරහා ඒ වෙනුවෙන් විශාල සේවයක් සිදු වෙනවා. එම සේවාව වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමාටත්, ඉන්දීය රජයටත් මම නැවත වතාවක් ස්තුතිවන්ත වනවා.

ඉන්දීයව සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ අවුරුදු දහස් ගණනක සිට පැවත එන ඓතිහාසික සම්බන්ධයක්. ශ්‍රී ලංකාවට බුදු දහම ලැබෙන්නේ ඉන්දියාවෙන්. එවැනි දීර්ඝ කාලීන සම්බන්ධයක් සහිත රටවල් ලෝකයේ තිබෙන්නේ කිහිපයක් පමණයි. මෙම වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මැතිතුමා විශාල උත්සාහයක් දැරුවා. එහි මූලස්ථානය කෝට්ටේ ප්‍රදේශයට ලබා ගැනීමටත් එතුමා කටයුතු කළා. මෙම වැඩසටහනේ ආරම්භයේ සිට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා සහයෝගය දැක්වුවා. එම නිසා සෞඛ්‍ය අමාත්‍යතුමාටත්, නියෝජ්‍ය අමාත්‍යතුමාටත් මගේ ස්තුතිය පිරිනමනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
රටක දියුණුව අධ්‍යාපනය සහ සෞඛ්‍ය මතයි | Lanka Newsweek