අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටක් ආණ්ඩු කරන්න පුළුවන් හැකියාවක් ජානිපෙට නැහැ

රටක් ආණ්ඩු කරන්න පුළුවන් හැකියාවක් ජානිපෙට නැහැ

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට ගෙවීම් සිදු නොකරන බව කිව්වේ ඒ නිසයි සිය පාලනයක් යටතේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු ඩොලර් බිලියන 12ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට ගෙවීම් සිදු නොකරන බවට ජාතික ජන බලවේගයේ ඉහළම…

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට ගෙවීම් සිදු නොකරන බව කිව්වේ ඒ නිසයි 

රටක් ආණ්ඩු කරන්න පුළුවන් හැකියාවක් ජානිපෙට නැහැ

සිය පාලනයක් යටතේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු ඩොලර් බිලියන 12ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට ගෙවීම් සිදු නොකරන බවට ජාතික ජන බලවේගයේ ඉහළම ආර්ථික විද්‍යාඥයා වන සුනිල් හඳුන්නෙත්ති මහතා සිදු කර ඇති ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔවුන්ට රටක් පාලනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බව යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කර සිටියි. 

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ආර්ථික උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා ද, අනාගතයේ ඔවුන්ගේ රජයක් යටතේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු ඩොලර් බිලියන 12 නොගෙවන බවට කලින්ම අවධාරණය කළ බව පෙන්වා දෙන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජාතික ජන බලවේගයේ ඉහළම ආර්ථික විද්‍යාඥයා වන සුනිල් හඳුන්නෙත්ති මහතා ද එම ප්‍රකාශය නැවත සිදු කර ඇතැයි ද කියා සිටියි.

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයා වන මහාචාර්ය අනිල් ජයන්ත මහතා ලංකා සභා ගර්භයේදී මුලින්ම කළ එම ප්‍රකාශය ඔවුන්ගේ ඉහළම ආර්ථික විද්‍යාඥයා වන සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පැහැදිලිවම පුනරුච්ඡාරණය කරනු ලැබීමෙන් ඔප්පු වන්නේ මේ අයට රටක් පාලනය කරන්නේ කෙසේදැයි යන්න පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බව යැයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රටක් ආණ්ඩු කරන්න පුළුවන් හැකියාවක් ජානිපෙට නැහැ | Lanka Newsweek