රජීව් නානායක්කාරට ජලනිගෙන් කැපිල්ලක්

රජිව්ට එරෙහිව ජලනි-ලකී සීතල යුද්ධයක මාධ්‍ය ඒකකයට විතරක් රජීව් මසකට ලක්ෂ 12ක් වැය කරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමාජ සත්කාරක සහ දේශපාලන කටයුතු සඳහා විශාල මුල්‍යමය දායකත්වයක් ලබා දෙන "Markss…
රජිව්ට එරෙහිව ජලනි-ලකී සීතල යුද්ධයක
මාධ්‍ය ඒකකයට විතරක් රජීව් මසකට ලක්ෂ 12ක් වැය කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමාජ සත්කාරක සහ දේශපාලන කටයුතු සඳහා විශාල මුල්‍යමය දායකත්වයක් ලබා දෙන "Markss Holdings" සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ රජීව් නානායක්කාර මහතාට එරෙහිව ජලනි ප්‍රේමදාස මහත්මිය සහ ලක්ෂ්මන් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ සීතල යුද්ධයක් ආරම්භ කර තිබේ.
ඊට ආසන්නතම හේතුව වී තිබෙන්නේ, සමාහි ජන බලවේගයේ ආර්ථික සැලැස්ම එළිදැක්වූ උත්සවයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ඉදිරි පෙළ අසුන් ගෙන සිටී ජලනි ප්‍රේමදාස මහත්මිය එම අසුනින් නැගිට්ටුවා ඇයට පසු පස ආසනයක් ලබා දී එම ඉදිරි පෙළ ආසනවල ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන මහත්වරුන් අසුන් ගැන්වීමට රජීව් නානායක්කාර මහතා ක්‍රියා කිරීමය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතිශය සමීපතමයෙකු වන රජීව් නානායක්කාර මහතාගේ මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජලනි ප්‍රේමදාස මහත්මිය සහ ලක්ෂ්මන් ෆොන්සේකා මහතා මේ වන විට උරණ වී සිටිති.
සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකයේ වැටුප් ගෙවීම් ඇතුළු වැඩ කටයුතු වෙනුවෙන් පමණක් රජීව් නානායක්කාර මහතා මසකට රුපියල් ලක්ෂ 12ක් ද, පක්ෂයේ සහ සජිත් ප්‍රේමදාස මහතාගේ අනෙකුත් වැඩ කටයුතු වෙනුවෙන් තවත් විශාල මුදලක් ද යොද වන අතර ඒ පිළිබඳ ගණන් බැලීම සඳහා නිලධාරියෙකු ද පත් කරනු ලැබ තිබේ.
මේ අතර ලක්ෂ්මන් ෆොන්සේකා මහතා මාධ්‍ය ඒකකයට බලපෑම් එල්ල කරමින් කියා සිටින්නේ රජීව් නානායක්කාර දෙනවාට වඩා වැඩි මුදලක් තමාට ලබා දිය හැකි බැවින් තමා කියා ආකාරයට ජලනි ප්‍රේමදාස මහත්මියට මාධ්‍ය ප්‍රචාරය ලබා දෙන ලෙසය.
සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය ක්‍රියාකාරීන් දොළොස්දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතා අතහැර හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් මාර්ගයෙන් ආණ්ඩුවට එකතු වී ඇත්තේ ද ලක්ෂ්මන් ෆොන්සේකා මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ මෙම බලපෑම් නිසාය.