රජය දිගින් දිගටම සංවර්ධන නිලධාරීන් රවටනවා

- විපක්ෂ නායක චෝදනා කරයි - මීට මාස කිහිපයකට පෙර අප රටේ රාජ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරන සංවර්ධන නිලධාරීන් 150000ක් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් 14008ක් වෙනුවෙන් සමගි ජන බලවේගය සාකච්ඡාවක්…
- විපක්ෂ නායක චෝදනා කරයි -
මීට මාස කිහිපයකට පෙර අප රටේ රාජ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරන සංවර්ධන නිලධාරීන් 150000ක් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් 14008ක් වෙනුවෙන් සමගි ජන බලවේගය සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ දුක් ගැනවිලි රටට ඉදිරිපත් කළ බවත් එදා ඒ ගැටලු රටට ඉදිරිපත් කිරීමත් සමගම රජය මේ පාර්ශ්ව දෙකම මහනුවර සහස් උයනට ගෙනවිත් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන බවට ප්‍රසිද්ධියේ කිව්වත් මේ වන විටත් සංවර්ධන නිලධාරින් අපේක්ෂා කරන සේවා ව්‍යවස්ථාව සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් අපේක්ෂා කරන සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී සංවර්ධන නිලධාරීන් සහ ආර්ථික සංවර්ධන නිලධාරින් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ සංවර්ධන නිලධාරී සංගමය සමග පැවැති හමුවකදීය.
පසුගිය මැතිවරණවල මේ කණ්ඩායම් දෙකම මෙහෙයවු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියඅරච්චි මහතා මේ පාර්ශ්ව දෙකටම බොරු කරපු නිසාම මේ පාර්ශ්ව ඇන්දවූවා යැයි චෝදනා ඒ මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇති බවත් මේ වෘත්තිකයන් නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් වත්මන් රජයේ සිටියත් මොවුන්ට හිමි සේවා ව්‍යවස්ථා ලබා දෙන්න රජයට නොහැකි වි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වීම
රජය මේ වන විට කර ඇත්තේ ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ නාමය ප්‍රජා සංවර්ධන නිලධාරීන් ලෙස වෙනස් කිරීම බවත් ප්‍රජා සංවර්ධන නිලධාරීන් ලෙස හදුන්වන මේ අයට මාර්තුවේ වෙනමම පනතක් ඉදිරිපත් කරනවා කියා කිව්වත් තවමත් ඒ පනත ඉදිරිපත් කර නොමැති බවත් ආර්ථික සංවර්ධන හා සංවර්ධන නිලධාරින්ගෙන් ඡන්දය ගන්න නම් බොරු රැසක් කිව්වත් පොරොන්දු රැසක් දුන්නත් අද ඒ සියල්ල අමතක කර තවදුරටත් රවට්ටමින් යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රජය මේ පාර්ශ්ව අමතක කළත් සමගි ජන බලවේගය කිසිදා මොවුන් මතක නොකරන බවත් පාර්ලිමේන්තුවේ සේම ඉන් පිටතත් මොවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.