අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රජය කාන්තා කොමිසමට කොලේ වහපු හැටි විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දිග හරින කොට ආණ්ඩුව යකා නටයි

රජය කාන්තා කොමිසමට කොලේ වහපු හැටි විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දිග හරින කොට ආණ්ඩුව යකා නටයි

ඇමතිවරිය පාර්ලිමේන්තුවට පට්ට පල් බොරු කියනවා කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාව ගැසට් කර නොමැති බවට කාන්තා කටයුතු අමාත්‍යවරිය පැවසුවත් එය ගැසට් කර තිබෙන බවත් ඊට අදාළ ලිඛිත පිටපත තමා සභාගත කරන බවත්…

ඇමතිවරිය පාර්ලිමේන්තුවට පට්ට පල් බොරු කියනවා  
 

කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාව ගැසට් කර නොමැති බවට කාන්තා කටයුතු අමාත්‍යවරිය පැවසුවත් එය ගැසට් කර තිබෙන බවත් ඊට අදාළ ලිඛිත පිටපත තමා සභාගත කරන බවත් 2025 මැයි මුදල් වෙන් කිරීම සිදු වන විට කාන්තා කොමිෂම ස්ථාපිත නොවූ බවත් එය ස්ථාපිත වූයේ සැප්තැම්බර් මාසයේ යනුවෙන් අමාත්‍යවරිය පැවසූ බවත් සැප්තැම්බර් මාසයේ මේ කාන්තා කොමිෂම නිර්මාණය වුවත් පරිපූරක ඇස්තමේන්තුවක් හරහා මේ වෙනුවෙන් මුදල් වෙන් කිරීමට රජයට හැකියාව ඇති නමුත් එයද සිදු නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මන්ත්‍රීවරියන්ගේ සාමාජිකයකත්වයෙන් යුත් කාන්තා සංසදයෙන් මන්ත්‍රීවරියන් දෙපලක් මේ කාන්තා කොමිෂන් සභාව වෙනුවෙන් පත් කරන ලද්දේ 2025 ජනවාරි මාසයේ බවත් එවැනි පත්කිරීමක් සිදු කර පෙබරවාරි මාසයේ ජිනිවාවල තිබූ කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීම ප්‍රතික්ෂේප කරන ප්‍රඥප්තිය කෙන්ද්‍ර කර ගත් ජාත්‍යන්තර සාකච්ඡාවේදී රජයම මේ කාන්තා කොමිෂම ක්‍රියාත්මක කරන්න සියලු කටයුතු සූදානම් යැයි පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී කාන්තා කොමිසමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

දැන්වීම

විධායන නිලධාරීවරියක් මේ සදහා පත් කර ඇති බව පැවසුවත් මේ පත් කිරීම සිදු කළ යුත්තේ කාන්තා කොමිසමේ අය සහ සභාපතිවරිය විසින් සිදු කළ යුතු දෙයක් වුවත් මෙය දේශපාලන පත්වීමක් නොවන බවත් මෙවැනි තත්ත්වයක් තිබියදී මෙවැනි වැරදි දේවල් ප්‍රකාශ කළ නොහැකි බවත් මෙය ගැසට් කර නොමැති යැයි පැවසුවත් එය ගැසට් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරන විට ආණ්ඩු පක්ෂයෙන් බාධා රැසක් එල්ල විය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රජය කාන්තා කොමිසමට කොලේ වහපු හැටි විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දිග හරින කොට ආණ්ඩුව යකා නටයි | Lanka Newsweek