අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රජයේ සෑම ක්‍රියාදාමයක්ම ප්‍රජාතන්ත්‍රවාදී සහ පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි

රජයේ සෑම ක්‍රියාදාමයක්ම ප්‍රජාතන්ත්‍රවාදී සහ පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි

රජයේ සෑම ක්‍රියාදාමයක්ම ප්‍රජාතන්ත්‍රවාදී සහ පාරදෘශ්‍යභාවයකින් යුක්ත විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම…

රජයේ සෑම ක්‍රියාදාමයක්ම ප්‍රජාතන්ත්‍රවාදී සහ පාරදෘශ්‍යභාවයකින් යුක්ත විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

සමාජයේ හා මාධ්‍යයෙහි  දැඩි අවධානයට  ලක්ව ඇති කරුණු  දෙකක් පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා කැපවුණු ආයතනයක් වශයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙහි ස්ථාවරය පැහැදිලි කිරීමට කැමැත්තෙමු .

(01)    ප්‍රජා උපදේශක කමිටු.

දැන්වීම

රජයේ සංවර්ධන යෝජනා සහ ජනතා සුබසාධක කටයුතු කිසිඳු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම ජනතාව වෙනුවෙන් ඉටු කල  යුතු වැදගත් කාර්යභාරයකි. එනමුත් එම සෑම ක්‍රියාදාමයක්ම දේශපාලනීකරණයට ලක්වීමට ඉඩ නොතබා සෑම මතයක්ම සළකා බලමින් සුදුසුම ආකාරයේ යාන්ත්‍රණයක් සැකසීමේ වැදගත්කම රජයට පෙන්වා දීමට කැමැත්තෙමු.
එයින් බාහිරව ඇති කරන කිසිදු යාන්ත්‍රණයක් මහජනතාව අනුමත නොකරන බව සඳහන් කළ යුතුව තිබේ.

(02)    නව වීසා ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය.

මෙහිදී ද අපැහැදිලි අංග කිහිපයක් දක්නය ලැබෙන හෙයින් විනිවිද පෙනෙන ආකාරයට ජනතාව දැණුවත් කිරීමට අදාළ අංශ පියවර ගතයුතු ය. එසේ නොමැතිව දැණුම්දීමකින් තොරව හදිසි තීරණ ගැනීමෙන් සංචාරක ව්‍යාපාරයට හා ආර්ථිකයට බරපතල හානි සිදු විය හැකිය.    
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න