රජයේ වෛද්‍යවරු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පාමින් රජයේ වෛද නිලධාරින්ගේ සංගමය විසින් අද (17) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. මේ හේතුවෙන්…
(නිලන්ති චන්ද්‍රසේන)
ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පාමින් රජයේ වෛද නිලධාරින්ගේ සංගමය විසින් අද (17) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවල විශාල පිරිසක් අපහසුතාවයට පත් වී ඇති බව වාර්තා වේ.
මේ අතර වතුකරයේ පිහිටි ප්‍රධාන මුලික රෝහල් ඇතුළු ප්‍රාදේශීය රජයේ රෝහල්වලටද ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් බොහෝ පිරිසක් මෙම වැඩවර්ජනය හේතුවෙන් ප්‍රතිකාර නොලබා සිටින බවද වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ ද හදිසි ප්‍රතිකාර සේවා පවත්වා ගෙන යන බවයි..
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1