රජයේ නව පුනර්ජනනීය බල ශක්තිය ප්‍රතිපත්තිය නිසා සූර්ය බල පාරිභෝගිකයන්ට සහ ව්‍යවසායකයන්ට අහිත කර බලපෑම්
- විපක්ෂ නායක හෙළි කරයි -

(සංජනා ද සිල්වා)
බලශක්ති අමාත්‍යාංශය මගින් 2026 සැප්තැම්බර් 11 වැනි දින PE/DEV/03/01-RT ලිපිය මගින් වහල මත සූර්ය විදුලි පද්ධති සඳහා නව ගිවිසුම් දීර්ඝ කිරීම Net+ ක්‍රමයට පමණක් සීමා කර සූර්ය බල පාරිභෝගිකයන්ට හා ව්‍යවසායකයන්ට හිතකර Net metering සහ Net Account ක්‍රමවේද අත්හිටුවා ඇති බවත් එය වැරදි අසාධාරණ ක්‍රියාවලියක් බවත් මේ තීරණය විදුලි පිරිවැය පද්ධති ස්ථාවරත්වය සහ 2027 වසරේ විදුලි සැපයුමට බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැන්වීම
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී බදාදා (07) ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
වහල මත සූර්ය විදුලි ජනනය හේතුවෙන් විදුලි බල පද්ධතියට වළක්වාගත් පිරිවැය කිලෝවොට් පැයකට මුදලත් කිලෝවොට් 5ක පද්ධතියකින් විදුලි බල පද්ධතියට වාර්ෂිකව ඉතිරිවන මුදලත්, වහල මත සූර්ය විදුලි ජනනය අද නොතිබුනේ නම් එම රික්තකය පිරවීමට ගත යුතු විදුලිබල මූලාශ්‍රවල ජනන පිරිවැය කිලෝවොට් පැයකට ඉදිරිපත් කරන ලෙසත් දිනකට දැරීමට සිදුවන අමතර ජනන වියදම ඉදිරිපත් කරන ලෙසත් මේ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමට යොදා ගන්නා ජනන ධාරිතාව ඉන්ධන ප්‍රමාණ ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
දෙසැම්බර් 31 දක්වා ජාලයට කොපමණ වහල මත සවි කරන ලද විදුලි පද්ධති එක්වෙන්න තිබුණාද..?
පෙර පැවැති සවිකිරීම් ප්‍රවණතාව අඛණ්ඩව පැවතියේ නම් 2026 සැප්තැම්බර් 11 සිට දෙසැම්බර් 31 දක්වා පද්ධතියට එක්වීමට තිබූ අමතර වහලමත සූර්ය විදුලි ධාරිතාව මෙගවොට් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් මේ ඇස්තමේන්තුව සඳහා භාවිත කරන සැසදුම් කාලයත් ඉදිරිපත් කරන ලෙසත් අයදුම්පත් පද්ධති ක්‍රියාත්මක කළ පද්ධති වෙන් වෙන් වශයෙන් දක්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
එල්නීනෝ නිසා විදුලිය අඩු වුනොත් එය සපුරන්න රජයට ඇති වැඩපිළීවෙළ කවරේද..?
එල්නීනෝ තත්ත්වය නිසා 2027 වසරේ පළමු මාස 6 තුළ අපේක්ෂිත විදුලි හිගය මේ කාලය තුළ උපරිම ඉල්ලුම පවතින අවස්ථාවේ ධාරිතා හිගය මෙගවොට් කොපමණ ප්‍රමාණයක් ද කියා ඇස්තමේන්තු කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් රජයේ සූදානම ඉදිරිපත් කර වහල මත සූර්ය විදුලිය මිලදී ගැනීමේ සාමාන්‍ය පිරිවැය ඉහත හිගය තාප විදුලිය මගින් සපුරාලීමේ පිරිවැය කිලෝවොට් පැයකට කොපමණද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ හිගය සූර්ය බලශක්තියෙන් සපුරා ගත හැකි බවත් මේ පුනර්ජනනීය බලශක්තියට විරුද්ධ වැඩපිළිවෙළ නතර කර ගැනීමට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වහල මත සවිකරන ලද සූර්ය පද්ධතිවලින් අවම පිරිවැයක් ලැබෙන විට තාප විදුලි බලාගාර මත යැපෙන්නේ ඇයි..?
මේ අවදානමට මුහුණ දීමට අමතර වහල මත සූර්ය විදුලිය හා බැටරි පද්ධති යොදා ගන්නේ නම් සුර්ය බල ප්‍රමාණය බැටරි ධාරිතාව ඉදිරිපත් කරන ලෙසත් වහල මත ජනනයෙන් හා බැටරි පද්ධති යොදා ගැනිමෙන් පිරිවැය අවම කර ගත හැකිව තිබියදී සහස්දනවි බලාගාරයට විදුලි ජනනයට වැඩි අවස්ථාවක් ලබා දීමට හේතුව ඉදිරිපත් කරන ලෙසත් මේ සඳහා යෝජිත සමතුලිත ගාස්තුව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
වැඩි පිරිවැයක් වැයවන විදුලි උත්පාදනයට රජය කැමති ඇයි..?
සූර්ය බලශක්තිය යොදා ගෙන අඩුවියදම් බලශක්ති නිෂ්පාදනයට හැකියාව තිබියදී මහජන උපයෝගිතා කොමිසමේ නියාමනයෙන් ඔබ්බට යමින් යුගදනවි හා සොබාදනවි බලාගාර මගින් අමතර විදුලි ගිගවොට් පැය කොපමණ ප්‍රමාණයක් ජනනය කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් 2013 වන සූර්ය බල ශක්තිය මෙගවොට් 3ක් තිබුණත් දැන් 2502 දක්වා වැඩි කර ඇති බවත් වහල මත පද්ධති 150000කට වැඩි ප්‍රමාණයක් 2016 ජූලි වන විට තිබූ බවත් ඉලක්කය දසලක්ෂයක් බවත් ඉතාම වේගවත්ව ක්‍රියාත්මක කළ හැකි පුනර්ජනනීය බලශක්තියක් ලෙස සුර්ය බලශක්තිය දැක්විය හැකි බවත් සූර්ය බලශක්ති විදුලි ඒකකයක් සඳහා වියදම රු. 28 වන විට ඉන්ධන බලාගාර විදුලි ඒකකයක් සඳහා රු. 51-129 දක්වා වැඩි බවත් අප රටේ බලශක්තියෙන් තෙල් 16.5%ක් සපයන විට ඒ සඳහා බලශක්ති ජනන වියදමෙන් 43%ක් වැය කරන බවත් විපක්ෂ නායකවරයා අනාවරණය කළේය.
ඉන්ධන බලාගාර මාෆියාව හිස එසවීම කණගාටුවට කරුණක්
දැන් ඉන්ධන බලාගාර මාෆියාව තාප බලාගාර මාෆියාව හිස එසවීම කණගාටුවට කරුණක් බවත් ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය මගින් නිකුත් කළ 2024 නොවැම්බර් 12 දිනැති ලිපියට ප්‍රතිචාර ලෙස අඩු සංඛ්‍යාත බර කපාහැරීමේ ක්‍රමය යාවත්කාලීන කිරිමට 2025 අප්‍රේල් 9 දින සූර්ය බල පද්ධති විසන්දි කිරීමට පෙර අඩු ඉල්ලුම් කාලවල විදුලිය භාවිතය දිරිගැනීමට ගත් පියවරත් ජාලය පිරියාම නිසා නව සූර්ය විදුලි සම්බන්ධතා භාරගත නොහැකි අඩු වෝල්ටීයතා බෙදා හැරීමේ මාර්ගත් එම මාර්ගවල නව සම්බන්ධතා සහ දීර්ඝ කිරීම් සදහා 2025 සහ 2026 වසරවල අනුමත කළ සහ ප්‍රතික්ෂේපකළ අයදුම්පත් සංඛ්‍යාවත් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී රජයෙන් ඉල්ලා සිටියේය.
වහල මත සවි කරන සූර්ය පද්ධති මිලියනයේ ඉලක්කය කරා යන්න රජය සතු වැඩ පිළිවෙළ කුමක්ද..?
කාර්මික සහ ගෘහස්ත බැටරි ගබඩා පද්ධති සදහා දැනට ලබා දෙන බදු සහනත් ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා සියලු ශක්ති ගබඩා කරන බැටරි සදහා පොදු අරමුදලක් පැනවීමේ බාධා ඉදිරිපත් කර වහල මත සූර්ය බල පද්ධති සදහා බදු සහන ලබා දී වහල මත සවිකරන සූර්ය පද්ධති මිලියනයේ ඉලක්කය කරා යන්න රජය සතු වැඩපිළිවෙළ දක්වන ලෙසත් ජාතික විදුලිබල අවශ්‍යතාව පරිසර හිතකාමී අඩුමිල පුනර්ජනනීය බලශක්තිය මගින් සැපයිය හැකිව තිබියදී අඩු මිලට එවැනි විදුලිය නිෂ්පාදනය කළ හැකිව තිබියදී වැඩි මිල විදුලි නිෂ්පාදන බලාගාර ඇති කිරීමෙන් සිදුවන පාඩුව දක්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
සූර්ය බල ශක්තිය නිසා රටට රු.බි. 25ක් ලාභයි
මෙගවොට් 2500ක් සූර්ය බලශක්තිය විදුලි බල පද්ධතියට එකතු කිරීම නිසා රු. බි. 25ක් ඉතිරි කරන බවත් රජය සුර්ය බලශක්තියට හතුරුකම් කරන බවත් ඉන්ධන හා තාප බලාගාරවලට කැමති බවත් විදුලි ජනනයට මුදල් වැඩි වන නිසා ඉන්ධන හා තාප බලාගාරවලට කැමති බවත් වික්ටෝරියා බලාගාරයේ ගැටලුවක් නිසා සිදුවූ විදුලි බිද වැටීම වදුරෙක් පිට දමා රජය ෂේප් වුන බවත් සූර්ය විදුලි පද්ධති නිසා විදුලි බල පද්ධති බිද නොවැටුනු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.