අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රජයේ දුර්වල මුල්‍ය පාලනයෙන් රුපියල අවසන් ගමනේ..!

රජයේ දුර්වල මුල්‍ය පාලනයෙන් රුපියල අවසන් ගමනේ..!

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම අද වන විට භයානක තත්ත්වයකට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටින්නේ,…

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම අද වන විට භයානක තත්ත්වයකට පත්ව ඇති බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින්  මහින්ද රාජපක්ෂ මහතා  ප්‍රකාශ කර සිටින්නේ,  ලෝකයේ අනෙකුත් රටවල  මූල්‍ය ඒකකයන්ට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන්  රුපියල අවප්‍රමාණය වෙමින් ඇති බව රජය ප්‍රකාශ කළත් එම තත්වයට සැබවින්ම හේතුවී තිබෙන්නේ වත්මන් රජයේ මූල්‍ය පාලනයේ දුර්වලතාවය බවය.

2007 – 2008 කාලයේ ඇති වූ ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි තත්ත්වයක් ඇති වුවත් එහි බලපෑම ශ්‍රී  ලංකාවට ඇති නොවන පරිදි කළමනාකරණය කිරීමට සිය රජය සමත් වූ බව ද  හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

2007 රුපියල් 110.62ක් වූ අමෙරිකානු ඩොලරයක් 2009 ලෝක ආර්ථික අර්බුදය අවසානයේ යුද්ධයකට ද මුහුණ දෙමින් පවා රුපියල් 114.92ක අගයක පවත්වා ගැනීමට සිය රජය  සමත් බවද එම නිවේදනයේ දැක්වේ.

2015 පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව කිසිදු වග විභාගයකින් තොරව වැටුප් වැඩි කිරීම, ඉන්ධන මිල පහළ හෙළීම හා ඇතැම් ආනයනික ද්‍රව්‍යවල බදු අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග නිසා ආණ්ඩුවේ වියදම් එකවර ඉහළ ගිය බවත් මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනය මඟින් අවධාරණය කර සිටියි.

මේ අතර ඉන්ධන සහ මෝටර් රථ ආනයනය වැඩි වීම වැනි ක්‍රියාදාම හේතුවෙන්  සිදු වූ වෙළෙඳ හිඟය වගේම  අයවැය පරතරය පියවීමටත්  වත්මන් ආණ්ඩුව ඉවක් බවක් නොමැතිව විදේශීය වානිජ ණය ලබා ගනිමින් සිටින බවටද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එම් නිවේදනයෙන් චෝදනා කර සිටියි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රජයේ දුර්වල මුල්‍ය පාලනයෙන් රුපියල අවසන් ගමනේ..! | Lanka Newsweek