අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රජයේ ඉඩම් පෙන්වා ශාන්තිනී පාක්ෂිකයින්ගෙන් ලක්ෂ 78ක් ගරලා..?

රජයේ ඉඩම් පෙන්වා ශාන්තිනී පාක්ෂිකයින්ගෙන් ලක්ෂ 78ක් ගරලා..?

ශාන්තිනීටයි-ඇයගේ ලේකම්ටයි විරුද්ධව ජනතාව නීතිය ඉදිරියට මහනුවර එජාප පාක්ෂිකයින් ශාන්තිනීට විරුද්ධව පොහොට්ටුවට හැරෙයි මිනිස්සුන්ට ඉඩම්මුත් නැහැ-සල්ලිත් නැහැ බඩුත් එක්කම හොරු මාට්ට්ටු වූ හැටි "Video"…

ශාන්තිනීටයි-ඇයගේ ලේකම්ටයි විරුද්ධව ජනතාව නීතිය ඉදිරියට

මහනුවර එජාප පාක්ෂිකයින් ශාන්තිනීට විරුද්ධව පොහොට්ටුවට හැරෙයි

මිනිස්සුන්ට ඉඩම්මුත් නැහැ-සල්ලිත් නැහැ 

බඩුත් එක්කම හොරු මාට්ට්ටු වූ හැටි "Video" එක්කම මෙන්න 

▶ වීඩියෝව නරඹන්න

(උපුල් බණ්ඩාර)     

රජයේ ඉඩම් ලබා දෙන බව කියමින් මහනුවර ජනතාවගෙන් රුපියල්  ලක්ෂ 78ක් වංචනික සහ නීති විරෝධී ලෙස ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා සහ හේවාහැට ප්‍රධාන සංවිධායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

සිය මුදල් වහාම ආපසු ලබා නොදුන්නොත් ශාන්තිනී කෝන්ගහගේ මහත්මියට සහ ඇයගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා අතර ශාන්තිනී කෝන්ගහගේ මහත්මියට එරෙහිව දේශපාලන ක්‍රියා මාර්ග ගනිමින් ඇය මහ මැතිවරණයෙන් පරාජය කරන බව එම ජනයා අවධාරණය කර සිටිති.

දැන්වීම

රජයේ ඉඩම් කැබලි හයක් බෙදා දෙන බව කියමින් ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් මෙසේ රුපියල් හැත්තෑ අට ලක්ෂය වංචනික සහ නීති විරෝධී ලෙස එකතු කර තිබෙන්නේ ඇයගේ පෞද්ගලික ලේකම්වරයාය.

රජයේ ඉඩම් ලබා දෙන බව කියමින් ශාන්තිනී කෝන්ගහගේ මහත්මියගේ පෞද්ගලික ලේකම්වරයා, ඇය වෙනුවෙන් මෙසේ මුදල් ලබා ගෙන තිබෙන්නේ සිය මුළු ජීවිත කාලය පුරාවටම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දර දිය ඇද්ද පාරම්පරික සහ සම්ප්‍රදායික අන්ත අසරණ එක්සත් ජාතික පක්ෂිකයින්ගෙන් වන අතර එම පිරිස මේ වන විට එක්සත් ජාතික පක්ෂය සහ ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය කෙරෙහි අතිශය කලකිරීමට පත්ව සිටිති.

එක්සත් ජාතික පක්ෂයෙන් වගේම ශාන්තිනී කෝන්ගහගේ මහත්මියගෙන් තව දුරටත් ඵලක් නොමැති අතර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය ලබා දෙමින් ශාන්තිනී කෝන්ගහගේ මහත්මියට අමතක නොවන හොඳ පාඩමක් උගන්වන බව අතිශය කලකිරීමට සහ කෝපයට පත්ව සිටින එම ජනයා අවධාරණය කර සිටිති.

ශාන්තිනී කෝන්ගහගේ මහත්මියගේ ඉඩම් තව දුරටත් අවශ්‍ය නොවන අතර ඒ ඉඩම් වෙනුවෙන් ලබා ගත් සිය මුදල් යළි ලබා දෙන ලෙස එම ජනයා දිගින් දිගටම ඉල්ලා සිටියත් ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය සහ ඇයගේ පෞද්ගලික ලේකම්වරයා මේ වන තුරුත් එම මුදල් ලබා දී නොමැති තත්ත්වය හමුවේ එම ජනයා අන්ත අසරණ වී සිටිති.

රජයේ ඉඩම් ලබා දෙන බව කියමින් කිසිදු ලැජ්ජාවකින්,බියකින් සහ හිරිකිතයකින් තොරව අන්ත අසරණ පාක්ෂිකයින්ගෙන් මුදල් ගසා කෑ ශාන්තිනී කෝන්ගහගේ වැනි හෙරක් මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායිකාව ලෙස පත් කිරීමෙන් එක්සත් ජාතික පක්ෂයට අත්ව තිබෙන ඉරණම මනාව පැහැදිළි වන බව ද ඔවුහූ අවධාරණය කර සිටිති.    

▶ වීඩියෝව නරඹන්න

▶ වීඩියෝව නරඹන්න

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රජයේ ඉඩම් පෙන්වා ශාන්තිනී පාක්ෂිකයින්ගෙන් ලක්ෂ 78ක් ගරලා..? | Lanka Newsweek