අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රජයට කට උත්තර නැති කළ විපක්ෂ නායකගේ ප්‍රශ්න පත්‍රය

රජයට කට උත්තර නැති කළ විපක්ෂ නායකගේ ප්‍රශ්න පත්‍රය

ශ්‍රී ලංකා මහා බැංකු නිලධාරීන් සහ සේවකයින් සිය වැටුප් විශාල ලෙස වැඩි කර ගැනීම ආපසු හැරවීමට රජය ක්‍රියා කරන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බදාදා (06) ප්‍රශ්න කළේය. මෙවැනි…

ශ්‍රී ලංකා මහා බැංකු නිලධාරීන් සහ සේවකයින් සිය වැටුප් විශාල ලෙස වැඩි කර ගැනීම  ආපසු හැරවීමට රජය ක්‍රියා කරන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බදාදා (06) ප්‍රශ්න කළේය.

මෙවැනි  ක්‍රියාකාරකම්වලට යොමු නොවන ආකාරයට මහා බැංකු පනතට සංශෝධනයක් ගෙන එනවාදැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කර සිටියේය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ  වැටුප් වැඩිවීම ගැන මහත් ආන්දෝලනයක් ඇතිවී තිබෙන අතර මේ පිළිබඳව රජයේ ස්ථාවරය දැන ගැනීම සඳහා මේ ප්‍රශ්න යොමු කරන බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහා බැංකු නිලධාරීන්ට මෙසේ සිය වැටුප විශාල ලෙස වැඩි කර ගැනීමට ඇති නීති ප්‍රතිපාදන කරේදැයි ද ප්‍රශ්න කළේය.

දැන්වීම

එම ප්‍රතිපාදන අනුව නිවැරදි ලෙස මහා බැංකු නිලධාරීන් සහ සේවකයින් සිය වැටුප් වැඩි කර ගෙන ඇති බවට රජයට සහතික කළ හැකිදැයි ද සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේය.

පසුගිය කාලයේ රාජ්‍ය සේවයේ වෘත්තිකයන් සිය වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටි නමුත් අද වන විට යම් සහනයක් හෝ ලබාදීමට හැකි වී ඇත්තේ වෛද්‍යවරුන්ට සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පමණක් බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෙසු රාජ්‍ය සේවකයන්ට ද මහ බැංකුව වැටුප් වැඩි කර ගත්  පදනමින්ම වැටුප් වැඩි කර දීමට රජය කටයුතු කරනවාදැයි ද ප්‍රශ්න කළේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රජයට කට උත්තර නැති කළ විපක්ෂ නායකගේ ප්‍රශ්න පත්‍රය | Lanka Newsweek