රංජන් රාමනායක වෙනුවෙන් අලුත් අරගලයක්

සජබයේ තරුණ මන්ත්‍රීන් එක්ක විපක්ෂ නායක සටන අරඹයි..! දූෂණයට, භීෂණයට, මර්දනයට සහ අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයෙකු වන රන්ජන් රාමනායක මහතාට සියලු ප්‍රජාතන්ත්‍රවාදී…
සජබයේ තරුණ මන්ත්‍රීන් එක්ක විපක්ෂ නායක සටන අරඹයි..!
දූෂණයට, භීෂණයට, මර්දනයට සහ අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයෙකු වන රන්ජන් රාමනායක මහතාට සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහිතව නිදහස ලබා ගැනීම වෙනුවෙන් වූ අරගලය නව වටයකින් මේ වසරේ දී යළි ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සිර ගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් සහ අවශ්‍යතා පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා සඳුදා (03) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ය.
රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් සමගි ජන බලවේගය පූර්ණ වශයෙන් කැප වන අතර සිය පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් මුල් කොට ගෙන එම අරගලය ආරම්භ කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමා පුන පුනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවත් ඒ බොහෝ අවස්ථාවල සුබවාදී ප්‍රතිචාර වාචිකව හිමි වූ නමුත් කණගාටුවට කරුණ වන්නේ අද වනතුරු එම කාර්ය ප්‍රායෝගිකව ඉටු ඉටු නොවීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේය.