අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රංජන්ව පාර්ලිමේන්තුවට ගැනීමට සජිත් ක්‍රියා කළ යුතුයි

රංජන්ව පාර්ලිමේන්තුවට ගැනීමට සජිත් ක්‍රියා කළ යුතුයි

එසේ ක්‍රියා කර නියම නායකයෙකු බව ඔප්පු කළ යුතුයි කිසිම වැදගැම්මකට නැති ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සජබයේ සිටිනවා මැතිවරණ කොමසාරිස්ගේ ස්ථාවරය රංජන්ට ප්‍රජා අයිතිය තිබෙන බවයි රංජන් වෙනුවෙන් හරීන් දුන්…

එසේ ක්‍රියා කර නියම නායකයෙකු බව ඔප්පු කළ යුතුයි 

කිසිම වැදගැම්මකට නැති ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සජබයේ සිටිනවා 

මැතිවරණ කොමසාරිස්ගේ ස්ථාවරය රංජන්ට ප්‍රජා අයිතිය තිබෙන බවයි 

රංජන් වෙනුවෙන් හරීන් දුන් පොරොන්දුව ඉටු කරනු

එස් බී ට එස් එෆ් ට දුන් පූර්ණ නිදහස රංජන්ට නොදුන්නේ ඇයි..? 

රංජන්ව පාර්ලිමේන්තුවට ගැනීමට සජිත් ක්‍රියා කළ යුතුයි

සජිත් ප්‍රේමදාස නියම නායකයෙකු නම් මේ අවස්ථාවේ දී කළ යුත්තේ, රංජන් රාමනායක මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීම යැයි දේශපාලන විචාරකයෝ පවසති.

සිය දේශපාලන පක්ෂයට, පාර්ලිමේන්තුවට, රටට සහ ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නොමැති මන්ත්‍රීවරුන් ගණනාවක් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ සිටින බව පෙන්වා දෙන එම දේශපාලන විචාරකයෝ එවැනි මන්ත්‍රීවරයෙකුට සිය ධූරයෙන් ඉල්ලා අස් වෙන්න කියා එම පුරප්පාඩුවට රංජන් රාමනායක මහතා පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කළ යුතු යැයි ද අවධාරණය කර සිටිති.

දැන්වීම

මේ අතර නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා "lankanewsweek" වෙත ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ, රංජන් රාමනායක මහතාට ප්‍රජා අයිතිය තිබෙන බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා "The Island" පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් කියා තිබෙන බවය.

ඒ අනුව රංජන් රාමනායක මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට නොහැකියාවක් නොමැති බව පෙන්වා දෙන සරත් මනමේන්ද්‍ර මහතා, එදා එස් බී දිසානායක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට පූර්ණ ජනාධිපති සමාවක් ලබා දී, රංජන් රාමනායක මහතාට පමණක් අර්ධ ජනාධිපති සමාවක් ලබා දීම ගැන ජන සමාජය ප්‍රශ්න කරන බව ද කියා සිටියි.

රංජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් වී පැමිණිය හොත් තමා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී ඔහුට එම ධූරය පරිත්‍යාග කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රට-ජනතාව හමුවේ එදා ප්‍රතිඥා දුන් බව සිහිපත් කර සිටින සරත් මනමේන්ද්‍ර මහතා ඒ නුව රටට-ජනතාවට එදා ලබා දුන් එම පොරොන්දුව ඉටු කිරීමට හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රියා කළ යුතු යැයි ද පෙන්වා දුන්නේය.  

රංජන්ව පාර්ලිමේන්තුවට ගැනීමට සජිත් ක්‍රියා කළ යුතුයි 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රංජන්ව පාර්ලිමේන්තුවට ගැනීමට සජිත් ක්‍රියා කළ යුතුයි | Lanka Newsweek