අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රංගේ යළි කුමන්ත්‍රණයක ද..? රවී ප්‍රශ්න කරයි..!

රංගේ යළි කුමන්ත්‍රණයක ද..? රවී ප්‍රශ්න කරයි..!

ජන මත විචාරණය විහිළු කාරයෙකුගේ කතාවක් රනිල් ජනපතිවරණයට එනවා-නියත ලෙස දිනනවා රවී රංගේට දේශපාලනය උගන්වයි ජාතිය බේරා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම…

ජන මත විචාරණය විහිළු කාරයෙකුගේ කතාවක් 

රනිල් ජනපතිවරණයට එනවා-නියත ලෙස දිනනවා 

රවී රංගේට දේශපාලනය උගන්වයි 

ජාතිය බේරා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ජන මත විචාරණයක් පැවැත් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කළ ප්‍රකාශය ඔහුගේ හිතළුවක් විනා ජනාධිපතිවයාගේ හෝ පක්ෂයේ මතය නොවන්නේ යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. 

වැදගත් වන්නේ රටට-ජනතාවට විහිළු සැපයීම නොව ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවගේ විශ්වාසය රැක ගෙන කටයුතු කිරීම යැයි ද, ඒ අනුව ජනාධිපතිවරණය නියත ලෙස පැවැත් වෙන අතර නිර්පාක්ෂික, පොදු සහ ජාතික අපේක්ෂකයා ලෙස ඊට රනිල් වික්‍රමසිංහ මහතා නියත ලෙස තරඟ කර ජය ගන්නේ යැයි ද රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ මෙම ප්‍රකාශය මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට දේශපාලන වශයෙන් විශාල හානියක් සහ පාඩුවක් සිදු වූ අතර ඒ අනුව මෙම ප්‍රකාශය දේශපාලන කුමන්ත්‍රණයක් ද, නොඑසේ නම් කොන්ත්‍රාත්තුවක් ද යන ප්‍රශ්නය මතු වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටින්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රටේ මැතිවරණ නිසි කලට වේලාවට පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කරන අතර පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික මතයක් විනා ජනාධිපතිවරයාගේ ස්ථාවරය නොවන බවය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රංගේ යළි කුමන්ත්‍රණයක ද..? රවී ප්‍රශ්න කරයි..! | Lanka Newsweek