යොහාන් පිරිස් එවරස්ට් තරණය කළ දෙවැන්නා ලෙස ශ්‍රී ලාංකා ඉතිහාසයට එක්වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) යොහාන් පීරිස් එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස මෙරට ඉතිහාසයට එක්වෙයි. නේපාල වේලාවෙන් අද (22) උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර තිබේ. මෙයට ප්‍රථම ද ඔහු 2016…
(නිලන්ති චන්ද්‍රසේන)
යොහාන් පීරිස් එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස මෙරට ඉතිහාසයට එක්වෙයි.
නේපාල වේලාවෙන් අද (22) උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර තිබේ. මෙයට ප්‍රථම ද ඔහු 2016 වසරේ එවරස්ට් තරණය කිරීමට උත්සහය කළ අතර එහිදී රැගෙන ගිය ඔක්සිජන් ටැංකියේ දෝෂයක් හේතුවෙන් එය අසාර්ථක විය.
එවරස්ට් තරණය කළ ප්‍රථම ලාංකිකයා ජයන්ති කුරු උතුම්පාල වන අතර ඇය 2016 වසරේදී එවරස්ට් තරණය කළා ය.
මේ වන විට සාර්ථකව එවරස්ට් තරණය කළ යොහාන් පීරිස් කඳු මුදුනේ සිට පහතට බසිමින් සිටියි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1