යොවුන් පාර්ලිමේන්තු සංසඳයට දස වසරයි

2009 වසරේ හිටපු ගරු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ තරුණ කටයුතු කැබිනට් ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම ආමාත්‍යවරයාගේ සංකලපයක් මත යොවුන් පාර්ලිමේන්තුව තරුණ සේවා සභාව හරහා පිහිටු වනු ලැබීය. තිස් වසරක…
2009 වසරේ හිටපු ගරු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ තරුණ කටයුතු කැබිනට් ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම ආමාත්‍යවරයාගේ සංකලපයක් මත යොවුන් පාර්ලිමේන්තුව තරුණ සේවා සභාව හරහා පිහිටු වනු ලැබීය. තිස් වසරක යුද්ධයක් අවසානයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ඇතුළු සමස්ත තරුණ ප්‍රජාව එක්ව රටේ අනාගතය වෙනුවෙන් සංහිදියාව සහ එකමුතුකම වෙනුවෙන් විභේදනයකින් තොරව ග්‍රාමීය නායකත්වය අරමුණු කොට ගෙන තරුණ තරුණියන් පෙළගැස්වීම යොවුන් පාර්ලිමේන්තුවේ සංකල්පය විය.
මෙම තරුණ නායකයින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකට එක් මන්ත්‍රිවරයෙකු සහ මන්ත්‍රිවරියක ලෙස යෞවන සමාජිකත්වය හිමි වයස අවුරුදු 13ත් 29ත් අතර තරුණ තරුණියන්ගේ වැඩිම ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී. ලෝකයේ අනෙකුත් යොවුන් පාර්ලිමේන්තු සංකල්පය හා සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ යොවුන් පාර්ලිමේන්තුව නායකත්වය පිළිබඳව තරුණ තරුණියන්ට ඉගනීම සඳහා හොඳ අධ්‍යාපන තක්සලාවක් විය. මේ වන විට යොවුන් පාර්ලිමේනතුව අවස්ථා වාර පහක් පවත්වා ඇත.
නමුත් ආරම්භයේ දී පැවති නායකත්ව සංකල්ප සහ උද්වේගකාර තරගකාරී ස්වභාවය පසුව ආණ්ඩු වෙනස් වීම හරහා අඩු වැඩි වශයෙන් වෙනස් මට්ටමක් ගන්නා ලදී. මෙම තත්ත්වය මනාව වටහා ගත් මුල්ම පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රී වරියන් එක්ව රත්නපුර ඇඹිලිපිටියේ දී 2011 වසරේ හිටපු යොවුන් පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රී වරියන් එක්ව සංසඳය ආරම්භ කරන්නට යෙදුණි.
දැන්වීම
වර්ථමානය වන විට පළමු වැනි යොවුන් පාර්ලීමේනතුවේ සිට වර්ථමාන පස් වැනි යොවුන් පාර්ලීමෙින්තුව දක්වා එහි සිටී මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රීවරියන් විශාල ප්‍රමාණයක් මෙම සංසඳය හා එක්ව මතු දවසේ රටේ තරුණ නායකත්වයක් වෙනුවෙන් ගම් දනව් සිසාරා රට පුරා ස්වේච්ඡාවෙන් වැඩ කටයුතු කරමින් සිටිති.
ලෝකයේ අනෙකුත් රටවල් හා සංසඳනය කර බලන විට ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලනික, සමාජීය, ව්‍යාපාරික සහ කලාව ඇතුළු සමස්ත සෑම ක්ෂත්‍රයකම යම් හිඩැසක් පවතී. මෙම තත්ත්වයට ප්‍රබලම හේතුවක් වන්නේ වෙනස් නොවන සමාජ රටාව හේතුවෙන් තරුණ තරුණියන්ගේ ආකල්ප කුමන හෝ ස්ථානයක සිරවී තිබීමය. එමෙන්ම ශ්‍රී ලාංකිය ජන සමාජයේ ඉතිහාසය පුරාවට එක්තරා පැලැන්තියකට පමණක් රටේ සෑම ක්ෂේත්‍රයක්ම විවර වී තිබුණ ද තුන්වන සහ මධ්‍යම පාන්තිකයන් සුළු වැටුපකට රජයේ සේවයේ සහ අවිධිමත් පුද්ගලික රැකියා අවස්ථා සඳහා ලඝු කොට තබා ඔවුන්ගේ සියලුම අවස්ථා එම තත්ත්වයන්ට අනුගත කර තබා ඇත.
මෙම තත්ත්වයන්ට යොවුන් පාර්ලිමේන්තු සංසඳයේ තරුණ නායකත්වය සමස්ත රටේම සෑම ජාතියකම සහ ආගමකම කුමණ භාෂවක් කතා කළද එක්ව පිළිතුරු ලබා දිය යුතු කාලය එළඹ ඇත.
ඒ අනුව යොවුන් පාර්ලීමේන්තු සංකල්පයේ නිර්මාතෘ ජනමාධ්‍ය ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු මැද හිටපු ආණ්ඩුකාර පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්යය තිස්ස විතාරණ මහතාගේ සේම පේරාදේණිය විශ්ව විද්‍යාලයේ හිටපු සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතාගේ සහභාගීත්වයෙන් 2021 දෙසැම්බර් 19 වන ඉරිදා දිනයේ දී පොළොන්නරුව මනම්පිටිය ප්‍රතිභා උත්සව ශාලාවේ දී යොවුන් පාර්ලීමේන්තු සංසඳයේ දස වස් සැමරුම උත්සවාකාරයෙන් පැවැති අතර එම අවස්ථාව තරුණ නව නායකත්ව අදහස් පෙළ ගස්වන තාරුණ්‍යයේ දිනයක් බවට නිර්මාණය විය.