අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

යු ටියුබ් වෙතින් උපදෙස් ගන්නේ පරෙස්සමෙන්..!

යු ටියුබ් වෙතින් උපදෙස් ගන්නේ පරෙස්සමෙන්..!

(සමීර වීරක්කොඩි) අද වන විට බොහෝ දෙනා බොහෝ විෂය ක්ෂේත්‍රයන්ට අදාළව දැනුම ලබාගන්නට අන්තර්ජාලයේ යූ ටියුබ් (youtube) වීඩියෝ අවකාශය භාවිත කරනවා. එසේ ම වෛද්‍ය විද්‍යාවට අදාළව උපදෙස් ලබාගන්නටත් සමහරුන් යූ…

(සමීර වීරක්කොඩි)

අද වන විට බොහෝ දෙනා බොහෝ විෂය ක්ෂේත්‍රයන්ට  අදාළව දැනුම ලබාගන්නට අන්තර්ජාලයේ යූ ටියුබ් (youtube) වීඩියෝ අවකාශය භාවිත කරනවා. එසේ ම වෛද්‍ය විද්‍යාවට අදාළව උපදෙස් ලබාගන්නටත් සමහරුන් යූ ටියුබ් භාවිත කරනවා.

එහෙත් ඒ ක‍්‍රියාව ඉතා අවදානම් බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා. මේ අධ්‍යයනය සිදු කොට ඇත්තේ නිව්යෝක් වෛද්‍ය විද්‍යාලයයේ වෛද්‍ය Stacy Loeb ඇතුළු පිරිසයි. ඔවුන්ගේ අධ්‍යයනයට අදාළ නිබන්දය European Urology ජර්නලයේ නවතම කලාපයේ පළ වුණා.

දැන්වීම

මෙහි දී පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබුණේ පුරඃස්ථි ග‍්‍රන්ථි පිළිකා කෙරෙහිය. එම අධ්‍යයනයේදී ඔවුන් යූ ටියුබ්හි පැවැති පුරස්ථි ග‍්‍රන්ථ පිළිකාවට අදාළ වීඩියෝ 150ක් පිළිබඳව විමර්ශනය කොට තිබුණා. මෙහිදී පෙනී ගියේ මේවා අතරින් 77‍%ක් පමණ ම වැරදි තොරතුරු සහිත වීඞ්යෝ බවයි.

මේ වීඞ්යෝ බහුතරයක් සකසා තිබුණේ  අදාළ ක්ෂේත්‍රයේ කිසිදු ප‍්‍රවීණතාවක් නො දැක්වූ අයයි. එසේ ම ඒවායේ ඇතුළත් වූ කරුණු බොහොමයක් වැරදි බව ද පෙනී ගියා. දැනට පුරඃස්ථි ග‍්‍රන්ථි පිළිකාවට අදාළව වීඩියෝ ලක්‍ෂ ගණනක් යූ ටියුබ්හි පවතින බවත් ඒවා පවා නොමඟ යවන දත්තවලින් පිරී ගිය ඒවා විය හැකි බවත් පර්යේෂකයන් පවසනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
යු ටියුබ් වෙතින් උපදෙස් ගන්නේ පරෙස්සමෙන්..! | Lanka Newsweek