යුරෝපයේ ආයතනවල හිජාබ් තහනමට අධිකරණයෙන් අවසර

(හේමන්ත තුසිත කුමාර) යුරෝපා ඉහළම අධිකරණය පෞද්ගලික සමාගම්වල අයිතිකරුවන්ට මධ්‍යස්ථභාවය පිළිබඳ ප්‍රතිරූපයක් ඉදිරිපත් කිරීම සඳහා හිස් ආවරණ ඇතුළු ආගමික සංකේත පැළඳීම තහනම් කළ හැකි බව පිළිගෙන තිබේ.මෙම තහනම…
(හේමන්ත තුසිත කුමාර)
යුරෝපා ඉහළම අධිකරණය පෞද්ගලික සමාගම්වල අයිතිකරුවන්ට මධ්‍යස්ථභාවය පිළිබඳ ප්‍රතිරූපයක් ඉදිරිපත් කිරීම සඳහා හිස් ආවරණ ඇතුළු ආගමික සංකේත පැළඳීම තහනම් කළ හැකි බව පිළිගෙන තිබේ.මෙම තහනම සියලු ආගමික හා දේශපාලන සංකේතවලට එරෙහිව පැනවිය හැකි වේ. ජර්මානු මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකු විසින් එනම් විශේෂ අවශ්‍යතා සහිත ළමා ආරක්ෂණ සේවිකාවක් සහ ඖෂධ ගබඩාවක මුදල් අයකැමිවරියක් විසින් ඉදිරිපත් කල නඩුවලදී මෙම තීරණ ප්‍රකාශයට පත් කර ඇත.
හිජාබ් පිළිබඳ ප්‍රශ්නය වසර ගණනාවක් තිස්සේ යුරෝපය පුරා මතභේදයට තුඩු දී ඇති අතර මුස්ලිම්වරුන් එක්ව කටයුතු කිරීම සහ අන් ජාතිකත්වයන් සුළු කර සැලකීම සම්බන්ධයෙන් කරුණු පැන නැගී තිබුණි.ලක්සම්බර්ග් හි යුරෝපා අධිකරණය 2017 දී දුන් තීන්දුවක දීත් පවසා තිබුණේ සමාගම් විසින් යම් කොන්දේසි යටතේ ඉස්ලාමීය හිස් වැසුම් සහ වෙනත් දෘශ්‍යමාන ආගමික සංකේත පැළඳීම තහනම් කළ හැකි බවයි.