අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

යුද නැව් 03ක් කොළඹට

යුද නැව් 03ක් කොළඹට

මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ. සදුදා (26) උදෑසන එලෙස පැමිණ ඇත්තේ, “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය බව නාවික හමුදාව…

මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.

සදුදා  (26) උදෑසන එලෙස පැමිණ ඇත්තේ, “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය බව නාවික හමුදාව පවසයිමෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් “HE FEI” යුද නෞකාව, දිගින් මීටර් 144.50 හා නැවේ කාර්යය මණ්ඩලය 267ක ගෙන් සමන්විතය.

Landing Platform Dock වර්ගයට අයත් “WUZHISHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැවේ කාර්යය මණ්ඩලය 872ක ගෙන් සමන්විතයLanding Platform Dock වර්ගයට අයත් “QILIANSHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැවේ කාර්යය මණ්ඩලය 334 ක ගෙන් සමන්විත වෙයි.

එම නෞකා පුහුණු අභ්‍යාසයකින් අනතුරුව, නිල සංචාරය අවසන් කරමින් අගෝස්තු මස 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න