යුද්ධ හමුදාවේ ප්‍රධානියාගෙන් මරණීය තර්ජන

කාලයක් තිස්සේ ජනපතිලට කූට ලේඛන යොමුකරලා..? ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පරිපාලන ප්‍රධානියා ලෙස කටයතු කරන , වර්තමාන් යුද්ධ හමුදාපති ලසන්ත රෝද්රිගුගේ ගජ මිතුරාවන , යුධ ලේඛම් සිල්වෙස්ටර් පෙරේරා යුද්ධ…
කාලයක් තිස්සේ ජනපතිලට කූට ලේඛන යොමුකරලා..?
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පරිපාලන ප්‍රධානියා ලෙස කටයතු කරන , වර්තමාන් යුද්ධ හමුදාපති ලසන්ත රෝද්රිගුගේ ගජ මිතුරාවන , යුධ ලේඛම් සිල්වෙස්ටර් පෙරේරා යුද්ධ හමුදාවේ ක්‍නර්ල්වරුන් කිහිපදෙනෙකුට මරණීය තර්ජන එල්ලකර තිබේ.
එයට හේතුව වන්නේ ජනපතිගේ අනුමැතියකින් තොරව කරනල්වරුන් කිහිපදෙනෙකු හමුදාවෙන් ඉවත් කිරීම සහ කූට ලේඛන සකසා ජනපතිගේ අත්සන යෙදීම පිලිබදව මාධ්‍ය ඔස්සේ කරුණු අනාවරනය කිරීම නිසාය. ඔහු මෙලෙස තර්ජනය කර ඇත්තේ යුද්ධ හමුදාපති ලසන්ත රෝද්රිගුගේ අනු දැනුම සහිතව යුද්ධ හමුදාපති ලසන්ත රොද්‍රිගු විසින් බව අද උදෑසන ප්‍රකාශ කර තිබේ.
හමුදා නිලධාරීන්ගේ ප්‍රශ්නවලට යුක්තිය ඉටුකර දෙනවා වෙනුවට, මෙසේ එම සාධාරණ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීමෙන්ම, යුද්ධ හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන්ගේ මෙම නුගත් හැසිරීම තුලින් පෙන්නුම කරනුයේ රටේ පවතින නීතියට ඔවුන් ගරු නොකරන බවයි. මේ වන විටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බොහෝ ජේෂ්ඨයන් විවිධ වංචා, දුෂණ සිදුකල පුද්ගලයන් වේ. මේ වන විට උසස්වීම් ලබා දෙමින් යන්නේ ද එසේ විවිධ වංචා , දුෂණ සිදුකල පුද්ගලයන්ට වේ.
Aramy එකෙන් යවන්න හිටිය මෙන්න මේ අය ඊලග නිලයට උසස් කර ඇත
දැන්වීම
ලුතිනන් කර්නල් සිට කර්නල් දක්වා
නි/64092 ලුති කරනල් PDI පෙරේරා SLCMP
නි/64110 ලුති කරනල් KADM ව්ජේසේකර SLA
නි/64134 ලුති/කර්නල් KNP කලුබෝව්ල VIR
නි/62845 ලුති කර්නල් ADJ අධිකාරි SLAOC
නි/63270 ලුති කර්නල් MCV ගෝමස් SLAC
නි/64121 ලුති කර්නල් JMJ පෙරේරා SLSR
නි/64264 ලුති කර්නල් SLD ප්‍රනාන්දු SLSC
මීට අමතරව
මේජර් සිට ලුති කර්නල් දක්වා
නි/65634 මේජර් JPK ජයතිලක SLCMP.
මේ අය ඊලග නිලයට කොහොමද උසස් කෙලේ ?
එසේ විවිධ දුෂණ වල නියැලුණු හමුදා නායකයන් විශාල ප්‍රමාණයකගේ තොරතුරු අප වෙත ලැබී තිබේ. වර්තමාන ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමාවව බලයට පැමිණීමට අවශ්‍ය මාර්ගය සැකසුයේ යුද්ධ හමුදාවේ කරනල් නිලයේ සිට පහලට එකතුවෙමිනි. බ්‍රිගේඩියර් නිලයේ සිට ඉහලට සියලුම නිලධාරීන් කටයුතු කලේ අනුර කුමාර දිසානායක ජනපතිවීම වලකාලීමටය. සිල්වෙසට්ර් පෙරේරා යනුද එවැනිම කල්ලතෝනියෙකි.
එසේම මෙසේ කූට ලේඛන සැකසීම අවුරුදු කිහිපයක් තිස්සෙම සිදුකර තිබෙන බවත්, ජනපතිවරුන්ගේ අත්සනට එවැනි ලේඛන සිය ගණනක් යොමුකර තිබෙන බවත්, මෙම සිදුවීමත් සමගම කරුණු අනාවරනය වෙමින් තිබේ. එපමනක් නොව, බ්‍රිගේඩියර් චන්දන රණවීරට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිවැරදි නඩු තීන්දුවේ වචනයක් වෙනස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩකරන පුද්ගලයෙක් හරහා හිටපු හමුදාපති විකුම් ලියනගේ සහ කමල් ගුණරත්න මෙන්ම , යුද්ධ හමුදාවේ හිටපු නීති අධ්‍යක්ෂක නීතිඥ නල්ලපෙරුම විසින් සිදුකරනු ලැබූ තක්කඩි සිදුවීමක්ද අපට වාර්තා වේ. අප එයද ඉදිරියේදී අනාවරණය කිරිමට විමර්ශන සිදුකරමින් සිටි. එහිදී විනිසුරුවරුන්ගේ අත්සනට යොදා තිබෙන්නේ නියම නඩු තීන්දුව වෙනස් කරමින් බව දැනට නිල නොවන කරුණු මගින් අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් මෙවන් මානසික ලෙඩ්ඩු හමුදාවේ තබා ගැනීමෙන් සිදුවන්නේ , මාධ්‍ය ආයතනවලට නැවතත් මීට මාස 9 කට පමණ පෙර තිබු අයුරින්ම ක්‍රියාත්මක වීමටය. වර්තමාන රජය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අපටද එය සිදුකිරීමට සිදුවේ . එසේම ජාතික ආරක්ෂාව පිලිබදව ටියුෂන් දීමට කටයුතු කරන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මේ පිලිබදව දැඩි අවධානයක් දිය යුතු කාලය එළබ තිබේ.එසේ නොවීමේ ප්‍රතිපලය ලෙස අනාගතයේදී අපට සිදුවන්නේ ඔහුටද එරෙහිව ලිවීමටය. පසුගිය රජය සමයේ එය සිදු විය.
ඒ අනුව හමුදා නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම, ජනපතිට කුට ලේඛන සකසා යැවීම, ජනපතිට අපකීර්තියක් වන ලෙස ජනපතිගේ තනතුර අවභාවිතා කිරීම, හමුදා සාධාරණ හමුදා නිලධාරීන්ට එරෙහිව කුමන්ත්‍රණ දියත් කිරීම, ඔවුන්ට යුතු ලෙස අවහිරය ඇති කිරීම, පවතින රජයට එරෙහිව කටයුතු කිරීම, ඇතුළුව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 87, 96 , 100, 109, 112, 113අ 120, 162,163, 175, 180, 184, 186, 187, 208, 330, 340, 341, 312, 452, 453, 455, 457, 459, 483, 485 ආදී වැරදි මෙම ජනරාල් සිල්වෙස්ටර් පෙරේරා විසින් සිදුකර තිබේ. එසේම ඔහුගේ මෙම වැරදිවලට යුද්ධ හමුදාපතිවරයාද වග කිව යුතු වේ. ඔහු හමුදාවේ ඒකාධිකාරයා විනා , කම්කරුවෙක් නොවේ. විවිධ මණ්ඩලවලින් කුමන තීරණ ගත්තත් එම මණ්ඩලවලින් ගනු ලබන වැරදි තීරණවලටත් වග කිව යුත්තේ හමුදාපතිය. යුද්ධ හමුදාව යනු කම්පනියක් නොවේ.
එබැවින් මොවුන් දෙදෙනාටම එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කල යුතුබවට පැහැදිලිවම සාක්ෂි තිබෙන බැවින්, රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් මොවුන්ට එරෙහිව නීතියානුකුලවා කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්තුවට යොමුකළ යුතුව තිබේ. එසේ නොමැතිව , පැරණි රජයට එරෙහිව හමුදා නිලධාරීන් සහ භටයන් නැගී සිටියා සේ සියලුම හමුදා සාමාජිකයන් මාළිමා රජයට එරෙහිව කටයුතු කිරීමේ කාලයක් පැමිණීම වැළක්විය නොහැකි බව අප අවධාරණය කරන්නෙමු.