යුද්ධයෙන් මිය ගිය සහ අතුරුදන් වූ පුද්ගලයින් ගැන සමස්ත සමාජයම සංවේදී විය යුතුයි

එම පුද්ගලයින් සමරා මුතූර්හී පැවති දන්සලට එරෙහිව බලධාරීන් ක්රියා කිරීම හෙළා දකිනවා තවත් අඳුරු යුගයකට රට තල්ලු නොකළ යුතුයි යුද සමයේ මිය ගිය සහ අතුරුදන් වූ සියලුම පුද්ගලයන් ගැන රජය ද, සමස්ත සමාජයම ද…
එම පුද්ගලයින් සමරා මුතූර්හී පැවති දන්සලට එරෙහිව බලධාරීන් ක්රියා කිරීම හෙළා දකිනවා
තවත් අඳුරු යුගයකට රට තල්ලු නොකළ යුතුයි
යුද සමයේ මිය ගිය සහ අතුරුදන් වූ සියලුම පුද්ගලයන් ගැන රජය ද, සමස්ත සමාජයම ද සංවේදී ලෙස ක්රියා කළ යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
යුද සමයේ මරණයට පත් වූ සහ අතුරුදන්වීම්වලට ලක් වූ ශ්රී ලාංකේය පුරවැසියන් සිහිපත් කරමින් මුතූර් ප්රදේශයේ කැඳ දන්සැලක් සංවිධානය කිරීමට එරෙහිව රජයේ බලධාරීන් දක්වා ඇති ප්රතික්රියාවන් පිළිබඳව අප අතිශයින්ම කම්පාවට පත්වන්නෙමු.
තම සමීපමයන් මරණයට පත්වීම හා අතුරුදන්ව සිටීම පිළිබඳව වින්දිත පාර්ශ්වයන්ට ඇති වේදනාව සමාජයක් ලෙස අප සංවේදීව වටහා ගත යුතුය. එමෙන්ම එවැනි තත්ත්වයන් මේ රට තවත් අඳුරු යුගයකට යොමු කරවීම සඳහා ඉවහල් නොකර ගැනීමද සමාජයේ වගකීමකි.
දැන්වීම
ඒ අනුව රජයේ බලධාරීන් ද ඇතුළු සමස්ත සමාජයම මෙවන් අවස්ථාවන්හිදී කටයුතු කල යුතුව ඇත්තේ රටේ පොදු යහපත පෙරදැරි කොටගෙනය. එසේ නොවුනහොත් එය අප රට නැවැත අදුරු යුගයකට තල්ලුකර දැමීමට ද හේතු සාධක විය හැකිය.
එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය ලෙස අප පසුගිය කාලය තුළ මේ රටේ සිදු වූ විවිධ අවාසනාවන්ත තත්ත්වයන් තුළ මියගිය හා අතුරුදන්වූවන් සියළුම දෙනා පිළිබඳව කම්පාවටත් වේදනාවටත් පත්වන අතර නැවැත එවැනි තත්ත්වයන් ඇති නොවීමට පරිසරයක් නිර්මාණය කර ගැනීම හරහා ඔවුන් සියළුම දෙනා වෙත යුක්තිය ඉටු කිරීමට කැප වන ලෙස සියළුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.