අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව සජබය ශ්‍රේෂ්ඨාධිකරණයට

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව සජබය ශ්‍රේෂ්ඨාධිකරණයට

(හේමන්ත තුසිත කුමාර) කෙරවලපිටිය බලාගාරයේ 40% කොටස් අමෙරිකානු සමාගමකට පැවරීම යුක්ති සහගත නොවන බව පවසමින් සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. සමගි ජන බලවේගයේ…

(හේමන්ත තුසිත කුමාර)

කෙරවලපිටිය බලාගාරයේ 40% කොටස් අමෙරිකානු සමාගමකට පැවරීම යුක්ති සහගත නොවන බව පවසමින් සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

ඔහු විසින් කෙරවලපිටිය යුග දනවි බලාගාරයේ රජය සතු කොටස්  අමෙරිකානු සමාගමට පැවරීමට අමතරව ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ අමෙරිකානු සමාගම වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.  

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, නීතිපතිවරයා , යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් පුද්ගලික සමාගම , නිව් ෆෝට්රස් එනර්ජි සමාගම සහ තවත් පිරිසක් නම් කර ඇත.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව සජබය ශ්‍රේෂ්ඨාධිකරණයට | Lanka Newsweek