යුක්තිය පසිඳලීමේ ප්‍රමාදයන්ට නොපමාවම විසඳුම් සොයනු

ලංකාවේ අධිකරණයන් තුළ නඩු විභාග ලක්ෂ එකොළහක් ගොඩ ගැහිලා අධිකරණයට යන්නෙකුට ඊට විසඳුමක් ලබාගැනීමේදී තවත් පරම්පරා තුනක් යනවා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයට බල කරයි සාධාරණ සමාජයක් සඳහා වන…
ලංකාවේ අධිකරණයන් තුළ නඩු විභාග ලක්ෂ එකොළහක් ගොඩ ගැහිලා
අධිකරණයට යන්නෙකුට ඊට විසඳුමක් ලබාගැනීමේදී තවත් පරම්පරා තුනක් යනවා
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයට බල කරයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර මහතා මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් පෙන්වා දෙන්නේ රටක යහපැවැත්මට අදාලව අතිශය තීරණාත්මක ක්‍රියාවලියක් ලෙස සැළකිය හැකි යුක්තිය පසිඳලීමේ ක්‍රියාමාර්ගයන් හි ඇති වී තිබෙන ප්‍රමාදවීම් කෙරෙහි රටක් ලෙස අප නොපමාවම අවධානය යොමු කල යුතු බවයි. එම මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කරන අන්දමට ශ්‍රී ලංකාවේ අධිකරණයන් තුළ නඩු විභාග ලක්ෂ එකොළහක් පමණ විසදුමක් ලබාදීම සඳහා අතරමැදි තත්ත්වයන්හි ප්‍රමාද වෙමින් ගොඩ ගැසී තිබේ. ඒ් අතර ශ්‍රේෂ්ඨාධිකරණයෙහි 5600, අභියාචනාධිකරණයෙහි 4000, සිවිල් අභියාචනාධිකරණයන්හි 6100, මහාධිකරණයන්හි 28000, දිසා අධිකරණයන්හි 254,000, මහේස්ත්‍රාත් අධිකරණයන්හි 791,000ක් වශයෙන් විශාල නඩු ප්‍රමාණයක් ගොඩහැසී ඇති බව එකී ජනමාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වී තිබේ.
මෙම තත්ත්වයට පාදක වී ඇති හේතුන් සැළකීමේදී ඒ්වා පසුගිය වසර ගණනාවක කාලය තුළ අඛණ්ඩවම පැවත එමින් තිබෙන තත්ත්වයන් වන බව නොරහසක් වන අතර එබැවින් ඒ් ගැන එක් පාර්ශ්වයකට පමණක් චෝදනා කිරීමට ද අසීරු ය. එහෙත් තවදුරටත් ඇඳි යමින් තිබෙන මෙම තත්ත්වය මේ රටේ ජනජිවිතයේ යහපැවැත්මට මෙන් ම යුක්ති ගරුක සමාජයක් සඳහා පවතින අපේක්ෂාවන්ට අතිශයින් ම තීරණාත්මක බලපැමක් සිදු කරමින් පවති. එම තත්ත්වය සළකා බැලීමේ දී යුක්තිය අපේක්ෂාවෙන් අධිකරණය වෙත යොමු වන්නෙකුට ඊට විසඳුමක් ලබාගැනීමේදී ඇතැම් විට තවත් පරම්පරා තුනක කාලයක් පුරා බලා සිටීමට පවා සිදුවන තත්ත්වයක් පෙනෙන්නට තිබේ.
දැන්වීම
මෙම අවාසනාවන්ත පරිසරය නොපමාවම වෙනස් කර යථා තත්ත්වයට ගෙන ඒ්මට ජාතියක් ලෙස අප නොපමාවම අවධානය යොමු කළ යූතුව තිබේ. එය නව රජයට පමණක් නොව වර්තමාන අධිකරණ අමාත්‍යවරයාටද බලවත් අභියෝගයක් වන බව අප තේරුම්ගත යුතුව ඇත. එහෙත් එය ජයගැනීම සමස්ත ජාතියම හමුවේ ඇති වගකීමකි. ඒ් සඳහා සියළුම පාර්ශ්වයන්හි අවධානය කල් නොයවා යොමු කරවනු ඇතැයි සංවිධානයන් ලෙස අපි අපේක්ෂා කරන්නෙමු.