අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

යුක්තිය පසඳලීම ගැන YouTube කරුවකු අනාවැකි පළ කිරීම භයානක තත්ත්වයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

යුක්තිය පසඳලීම ගැන YouTube කරුවකු අනාවැකි පළ කිරීම භයානක තත්ත්වයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මේ ක්‍රියාවන් සිදු විය යුතු ආකාරය පිළිබඳව රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිව පෙන්නුම් කරලා දීලා තියෙනවා (අචින්ත මධුර) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) උදෑසන…

මේ ක්‍රියාවන් සිදු විය යුතු ආකාරය පිළිබඳව රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිව පෙන්නුම් කරලා දීලා තියෙනවා

(අචින්ත මධුර)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) උදෑසන බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේ යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය පිළිබඳව YouTube කරුවෙකු පුරෝකථනය කිරීම නීති විරෝධී තත්වයක් බවයි. ඒ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක වරයා මෙලෙස අදහස් දක්වන ලදී.

විශේෂයෙන්ම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන මොහොතකදී, රටේ නීතියේ සඳහන් නොවන තුන්වන පාර්ශවයක් වන සමාජ මාධ්‍යකරුවන්ට පුරෝකථනය කරන්නට බැහැ ඒ නෛතික ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය. අපිට බොහොම පැහැදිලිව පේනවා විශේෂයෙන්ම තුන්වන පාර්ශ්වයක්, උත්තරීතර නීතියට පරිබාහිර පාර්ශවයක් මේ අවස්ථාවේදී සමාජ මාධ්‍යයේ මේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව අනාවැකි පළ කරලා තියෙනවා. පුරෝකතන දීලා තියෙනවා. ඒක බොහොම භයානක තත්වයක්.

විශේෂයෙන්ම ‍ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වෙන්න නම් රටක ජනතාව විශ්වාස කරන්න ඕනේ මේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රමවේදය නිවැරදිව ක්‍රියාත්මක වෙනවා කියලා, එය එලෙසම නිවැරදිව ක්‍රියාත්මක වෙන්නත් ඕන. ක්‍රියාත්මක වීමත් වැදගත්, ඒ වගේම ජනතාව ලබන අවබෝධයත් වැදගත්. Procedure and also Perception. ඉතින් පැහැදිලිවම සමාජ මාධ්‍ය කරුවෙකුට අනාවැකි පල කරන්න, මේ විදිහට තමයි මේ සිදුවීම් සියල්ලම සිද්ධවෙන්නේ කියනකොට මේ ක්‍රියාවලිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. එය ඇත්ත වශයෙන්ම එක් විදියකින් අධිකරණයට කරන අපහාසයක්, උත්තරීතර නීතියට කරන අපහාසයක්, මේ ක්‍රියාවලියේ නියැලී සිටින සියලු දෙනාටම කරන අභියෝගයක්, ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් හැටියට අපි දකිනවා. 

ඒ නිසා විශේෂයෙන්ම අපි ප්‍රකාශ කර සිටින්නේ රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක වීම විනවිධ භාවයෙන් යුක්තව, නිර්දේශපාලනීකරණට ලක් කොට, එය සිදුවිය යුතු ආකාරයටම සිද්ධවෙන්න ඕන. එහෙම නැතුව මේ තුන්වෙනි පාර්ශ්වයකට එළියට ඇවිල්ල, මෙන්න මේකයි සිද්ධ වෙන්නේ, මෙන්න මෙහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන එක කියන්න දෙන්න බෑ. ඒක ඇත්ත වශයෙන්ම නීති විරෝධී ක්‍රියාවක්. මේ පිළිබඳව වහාම පියවර ගන්න ඕනි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
යුක්තිය පසඳලීම ගැන YouTube කරුවකු අනාවැකි පළ කිරීම භයානක තත්ත්වයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා | Lanka Newsweek