අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

යුක්තිය ඉල්ලන්නන්ට ත්‍රස්තවාදී ලේබලය ගහනවා

යුක්තිය ඉල්ලන්නන්ට ත්‍රස්තවාදී ලේබලය ගහනවා

මේ වනවිට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියන පිරිසකට නඩු පවරා ඇතත් නඩු පවරා තිබෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසටද නැතිනම් සැලසුම් කළ පිරිසටද යන මූලික ප්‍රශ්නය මේ වෙනුවෙන් හඬ නගන පිරිස් වෙත මතුව…

මේ වනවිට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියන පිරිසකට නඩු පවරා ඇතත් නඩු පවරා තිබෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසටද නැතිනම් සැලසුම් කළ පිරිසටද යන මූලික ප්‍රශ්නය මේ වෙනුවෙන් හඬ නගන පිරිස් වෙත මතුව ඇති බව ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික අරුණ ශාන්ත නෝනිස් මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික අරුණ ශාන්ත නෝනිස් මහතා මේ බව පැවසුවේ බදාදා(06) කොළඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී වන අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

බලයේ සිටි ආණ්ඩු විසින් පත්කළ ජනාධිපති කොමිෂන් සභා සහ විමර්ශන කණ්ඩායම් විසින් සැක කටයුතු බව සඳහන් කර තිබෙන තොරතුරු කිසිවක් පිළිබඳව විමර්ශනය නොකිරීමයි. මේ තත්වය තුළ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා සාධාරණ සැකයක් වින්දිතයන්ට ඇතිවී තිබෙනවා.

දැන්වීම

ඒ සම්බන්ධයෙන් මත දක්වන අයට එල්.ටී.ටී.ඊ. කණ්ඩායම්වලට සම්බන්ධ කිරීමේ උත්සාහයන් පවා තිබෙනවා. කතෝලික පූජකතුමන්ලාටත් යුක්තිය ඉල්ලීම සම්බන්ධයෙන් ලේබල් ගහනවා. ආණ්ඩුවට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වන බවට මතයක් හදනවා.

ඒ වෙනුවෙන් ආණ්ඩුව බලයට ගේන්න යොදා ගත් කණ්ඩායම් මෙහෙයවමින් ඉන්නවා. නමුත් අපි මේ රටේ ජනතාවට අවධාරණය කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලන සියලුම ජනතාවට සැඟවුණු න්‍යාය පත්‍රයක් නැති බවයි. යුක්තිය ඉෂ්ට කරන්න කියලා ඉල්ලන කෙනෙකුට ත්‍රස්තවාදී හෝ ජාතිවාදී ලේබලයක් අලවනවා නම් එතැන තියෙන්නේ බරපතළ තත්වයක්. 

අපි ආණ්ඩුවට බල කරන්නේ අදාළ විමර්ශන හරියට කරලා මේ පිටුපස ඉන්න පිරිස හරියටම හඳුනාගෙන නීතිය ඉෂ්ට කරන ලෙසයි. 2019දී රට විදේශිකයන්ට පාවා දෙන්න යනවා කියලා, ජාතිවාදය වපුරනවා කියලා පිටරටවල්වල ඉන්න ලාංකිකයන් විශාල වශයෙන් ඒ රටවලදී උද්ඝෝෂණය කළා.

ඒ පිරිසම  අද යුක්තිය ඉල්ලා උද්ඝෝෂණය කරනවා. ඒ අය ත්‍රස්තවාදීන්ද කියලා අපි ප්‍රශ්න කරනවා. යුක්තිය ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කරන සියලු දෙනා සමග ජාතික ජන බලවේගය අත්වැල් බැඳගන්නවා. මේ රටේ ජනතාවගේ අයිතිය, ජනතාවගේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් ජාතික ජන බලවේගය පෙනී සිටිනවා. ඔවුන් සමග එක්ව ක්‍රියා කරන බව ප්‍රකාශ කරනවා. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න