අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

යාල ජාතික වනෝද්‍යානය වසා දැමේ..!

යාල ජාතික වනෝද්‍යානය වසා දැමේ..!

යාල ජාතික වනෝද්‍යානය හෙට (1) සිට මාස 2 ක කාලයක් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ පවතින වියළි කාලගුණය සහ වනජීවින්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන…

යාල ජාතික වනෝද්‍යානය හෙට (1) සිට මාස 2 ක කාලයක් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ පවතින වියළි කාලගුණය සහ වනජීවින්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කරයි.තවද මෙම කාලසීමාව තුළ සංචාරක නිවාස අලුත්වැඩියාව සහ අනෙක් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සිදු කරන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටි.

මේ අනූව යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 හෙවත් පලටුපාන පිවිසුම වසා දැමෙනු ඇති අතර නැවත වනෝද්‍යානය නොවැම්බර් පළමු වැනිදා සිට සංචාරකයින් සඳහා  විවෘත කරන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
යාල ජාතික වනෝද්‍යානය වසා දැමේ..! | Lanka Newsweek