අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

යහ පාලන ජාතික පෙරමුණේ සහය අනුර කුමාරට..!

යහ පාලන ජාතික පෙරමුණේ සහය අනුර කුමාරට..!

පවතින දුෂිත දේශපාලනයට එරෙහිව සිය පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතාට ලබාදෙන බව යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ පවසයි. කොළඹ නව නගර ශාලාවේදි 26 දා පැවති…

පවතින දුෂිත දේශපාලනයට එරෙහිව සිය පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතාට ලබාදෙන බව යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ පවසයි. කොළඹ නව නගර ශාලාවේදි 26 දා පැවති ජාතික ජන බලවේගය සහ යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරී‌මේ උත්සවයේදී එම පෙරමුණ මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

නැගෙනහිර පළාතේ බිහිවූ මෙම පක්ෂය එහි සිටින සිය සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ජාතික ජන බලවේගයට සහාය දැක්වීමට තීරණය කළ බවත් දේශපාලන දැක්මක් සහිත පැහැදිලි ප්‍රතිපත්තියක් හා රට ගැන හිතන එකම නායකයා අනුර කුමාර දිසානායක මහතා බවත් සිය පෙරමුණට ඇති වූ අවබෝධය මත මෙම තීරණය ගත් බවත් එම පෙරමුණේ ජාතික සංවිධායක නජා මොහමඩ් මහතා පැවසීය.

ජාතික ජනබලවේගය යනු තුන්වෙනි බලකඳවුර නොව මෙරට ගොඩනැංවිය හැකි එකම බල කඳවුරු බවට එළඹෙන ජනාධිපතිවරණයේදී පෙන්වන බවටද මොහොමඩ් මහතා පවසා සිටියේය.

දැන්වීම

මෙම ‍අවස්ථාවට යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ප්‍රචාරක ලේකම් වෛද්‍ය සාහිර් මහතා, ජාතික විද්වත් සංවිධානයේ සභාපති චන්දන අබේරත්න මහතා, එහි ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා, නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි විය.

යහ පාලන ජාතික පෙරමුණේ සහය අනුර කුමාරට..!

යහ පාලන ජාතික පෙරමුණේ සහය අනුර කුමාරට..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
යහ පාලන ජාතික පෙරමුණේ සහය අනුර කුමාරට..! | Lanka Newsweek