යහ පාලනය රැකීමට ජනපති-අගමැති එකතුවෙයි..!

කුමන්ත්රණකරුවන්ගේ අගමැති සිහින බොඳ වෙයි ආණ්ඩුව සනාථ වෙයි...ඒකාබද්ධය අනාථා වෙයි..! කැබිනට් සංශෝධනය අඟහරුවාදා..? (සුජිත් මංගල ද සිල්වා) සම්මුතිවාදී යහ පාලන ජාතික රජය තවදුරටත් ශක්තිමත් කර ඉදිරියට ගෙන…
කුමන්ත්රණකරුවන්ගේ අගමැති සිහින බොඳ වෙයි
ආණ්ඩුව සනාථ වෙයි...ඒකාබද්ධය අනාථා වෙයි..!
කැබිනට් සංශෝධනය අඟහරුවාදා..?
(සුජිත් මංගල ද සිල්වා)
සම්මුතිවාදී යහ පාලන ජාතික රජය තවදුරටත් ශක්තිමත් කර ඉදිරියට ගෙන යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අද (15) නිල වශයෙන් තීන්දු කළහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මේ තීරණයට එළැඹ ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අද (15) උදේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදීය.
දැන්වීම
මේ තීන්දුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ ඇමති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් හමුවේ අරලිය ගහ මන්දිරයේදී නිල වශයෙන් දැනුම් දුන්නේය.
යහ පාලන අරමුණු ජය ගනිමින් ජාතික රජය ඉදිරියට ගෙන යාම සඳහා බරපතළ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට තීරණය කර ඇති අතර එම කැබිනට් සංශෝධනය අඟහරුවාදා (20) සිදු කිරීමට නියමිතය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පුළුල් ප්රතිසංවිධානයක් කිරීමට තීරණය කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ දේශපාලන නායකයින්ට වැඩි අවස්ථා ලබාදීමට කටයුතු යොදා තිබේ.
මේ අනුව සම්මුතිවාදී යහ පාලන රජය සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂයට එකතු වන ලෙසට දැනුම් දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් හමුවේ පෙන්වා දී ඇත.
“ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර මුල් කාලයේදී තිබුණ බැදීම ඒ විදියටම රැක ගන්න ඕනෑ. සුළු දුරස් වීම් ලොකු ප්‍රශ්නවලට මග පාදන බව මෑත සිද්ධිවලින් පැහැදිලි වුණු නිසා පාර්ශව දෙකම විශ්වාසය සහ සුහද බව තහවුරු වන ලෙස එකිනෙකා දැනුවත්ව වැඩ කරන්න. ” එහිදී සෞඛ්‍ය අමත්‍ය රාජිත සේනාරත්න සහ නිවස අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු ඉල්ලා සිටියහ.