“යහ පාලනයේ ශ්‍රීලනිප කුමන්ත්රණකරුවන් මාට්ටු”

"හොරකම්-මැරකම්" වසා ගැනීමට ඒකාබද්ධය යහ පාලනය වේදිකාවක් කර ගෙන..! (සුමුදු පෙරේරා) ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් සිය දූෂණ,වංචා සහ අක්‍රමිකතා වස ගැනීමට යහ පාලනය වේදිකාවක් කර ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ උප…
"හොරකම්-මැරකම්" වසා ගැනීමට ඒකාබද්ධය යහ පාලනය වේදිකාවක් කර ගෙන..!
(සුමුදු පෙරේරා)
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් සිය දූෂණ,වංචා සහ අක්‍රමිකතා වස ගැනීමට යහ පාලනය වේදිකාවක් කර ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ උප නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ, තොටළඟ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කාර්යාලයේ පැවති ක්‍රීඩා සමාජ සඳහා උපකරණ බෙදාදීමේ උත්සව අවස්ථාවකට එක් වෙමිනි.
දැන්වීම
ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේන් අනතුරුව, මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා කියා සිටියේ, සම්මුතිවාදී රජයට මුවා වී ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් සිය හොරකම් සහ මැරකම් යටපත් කර ගැනීමට යහ පාලනය වේදිකාවක් කර ගත් බවය.
“යහ පාලනයට රිංගා ගත් එවැනි දූෂිතයන් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් අපහසු තාවයට පත් වන ආකාරයට ක්‍රියා කළා. මෙම තත්ත්වය හමුවේ යහ පාලනයෙදී ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට වඩා , සම්මුතිවාදයේ අභ්‍යන්තර අර්බුදය විසඳා ගැනීමට කාලය ගත වී තිබෙනවා. සම්මුතිවාදී පාලනය ඇතුළත දෙපාර්ශවය අතරම වැරදි තිබෙනවා.
ඒ වුණත් රට වෙනුවෙන් සියලු දෙනා වැඩ කළ යුතුයි . විශ්වාස භංගයෙන්අනතුරුව අගමැතිවරයාටවිරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ මැති ඇමැතිවරුන්ට යළි සියල්ල ඇමතක කර රට වෙනුවෙන් වැඩ කරන්න ආරාධනා කළේ, අගමැතිවරයාගේ, රට වෙනුවෙන්තිබෙන කැපවීම නිසායි.
කෙසේවුවත් සම්මුති වාදී රජය කුමන තත්ත්වයක් හමුවේ හෝශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක වනවා. ජනාධිපතිවරයාසහ අගමැතිවරයා මනා අවබෝධයකින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම යහ පාලනයට අභියෝග කිරීමට කිසිවෙකුට ඉඩක් ඇත්තේ නැහැ.
යහ පාලනය ශක්තිමත්ව පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක , එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් මහින්ද අමරවීර සහ මහින්ද සමරසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සිදු කරන කැපකිරීම ඉතා ආදර්ශවත් බව කිව යුතුයි.
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගය අගමැතිවරයා ජයග්‍රහණය කිරීමත් සමග ,යහ පාලන ආණ්ඩුවේ කකුලෙන් අදින, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමන්ත්රණකරුවන් හදුනා ගැනීමට හැකි වී තිබෙනවා” යැයි ද රවී කරුණානායක මහතා එහිදී වැඩි දුරටත් කීය.