යම පාලනයෙන් මාර්ග කි.මී.183යි-යහ පාලනයෙන් 185යි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

තවත් කිලෝමීටර් 100ක් ළඟදීම ජනතා අයිතියට..! (අශෝක ජයතුංග සහ සුජිත් මංගල) යහ පාලන ජාතික රජය යටතේ ගෙවුණු අවුරුදු 3 ½ ඇතුළතදී පමණක් අධි වේගී මාර්ග ඇතුළු රට පුරා කිලෝමීටර් 185ක මහ මාර්ග අලුතින් ඉදි කර…
තවත් කිලෝමීටර් 100ක් ළඟදීම ජනතා අයිතියට..!
(අශෝක ජයතුංග සහ සුජිත් මංගල)
යහ පාලන ජාතික රජය යටතේ ගෙවුණු අවුරුදු 3 ½ ඇතුළතදී පමණක් අධි වේගී මාර්ග ඇතුළු රට පුරා කිලෝමීටර් 185ක මහ මාර්ග අලුතින් ඉදි කර ඇතැයි මහා මාර්ග අමාත්‍යංශය පවසයි.
කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ගෙවුණු අවුරුදු නමයටම අලුතින් ඉදිකර ඇත්තේ මහා මාර්ග කිලෝමීටර් 183ක් පමණක් බව ද එම අමාත්‍යංශය පෙන්වා දෙයි.
ඉදිරියේදී අධි වේගී මාර්ග ඇතුළුව තවත් කිලෝමීටර් සියයකට වැඩි මහා මාර්ග ප්‍රමාණයක් රට පුරා අලුතින් ඉදිකර ජනතා අයිතියට පැවරීමට මහා මාර්ග අමාත්‍යංශය සැලසුම් කර තිබෙන බව මඟ නැගුම ව්‍යපෘති කළමනාකරණ සහ උපදේශන සමාගමේ සභාපති අවන්ති ජයතිලක මහතා පවසයි.
රට පුරා මාර්ග සංවර්ධනය කර ප්‍රවාහනය විධිමත් කිරීමෙන් රටේ ආර්ථිකය නඟා සිටු වන අතර ජන ජීවිතය පහසු කිරීමේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් සහ හිටපු මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේත් මග නැඟුම ව්‍යපෘති කළමනාකරණ සහ උපදේශන සමාගමේත්,මඟ නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමගමේත් මැදිහත්වීමෙනි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1