අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මොණරුන් මැරීමේ විපාකය

මොණරුන් මැරීමේ විපාකය

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ මොණරා ආරක්ෂිත පක්ෂි විශේෂයක් ලෙස නම්කර ඇති අතර කුමන හේතුවක් මත මොණරුන් ඝාතනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.…

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ මොණරා ආරක්ෂිත පක්ෂි විශේෂයක් ලෙස නම්කර ඇති අතර කුමන හේතුවක් මත මොණරුන් ඝාතනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.

පසුගිය කාලය තුළ මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුළ වැදි ප්‍රජාවේ කිහිපදෙනකු, විදේශීය සංචාරකයන් සමඟ මොණර මස් පුළුස්සා අනුභව කරන වීඩියෝ දෙකකින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ වීඩියෝ පට දෙකක් නිසා මොණර ඝාතනය ගැන කතාබහක් ඇතිවිය.

මෙම නීතිමය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර කියා සිටියේ අරමුණ කුමක් වුවත් මොනරුන් මැරීම තහනම් බවයි.

දැන්වීම

“ආඥා පනතේ ආරක්ෂිත සතුන් සහ පක්ෂීන්ගේ ලැයිස්තුවක් ඇති අතර මොණරාද ඉන් එක් සත්වයෙක් . කුමන හේතුවක් නිසා හෝ ඔවුන් ඝාතනය කිරීම එම ආඥාපනතේ විධිවිධාන යටතේ දඬුවම් ලැබිය හැකි ක්‍රියාවකි” ඔහු පවසයි.

2019 හෝ 2020 දී පටිගත කරන ලදැයි සැළකෙන වීඩියෝවක් ගැන පළමුව සමාජ මාධ්‍ය වේදිකාවල අවධානයට ලක්වූ අතර, එය මිලියන ගණනක් නරඹා තිබිණි.

දෙවැනි වීඩියෝව පසුගියදා යූ ටියුබ් වෙත නිකුත් කෙරුණු අතර, ආදිවාසීන් කිහිපදෙනකු, මොණරකු අල්ලා ගැනීම සඳහා දුනු ඊතල වැනි සාම්ප්‍රදායික දඩයම් මෙවලම් භාවිත කරන අයුරු වීඩියෝවල දක්නට ලැබේ.

මේ සම්බන්ධයෙන් පසුගියදා අදහස් දක්වන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසා ඇත්තේ, ඇතැම් යූ ටියුබ්කරුවන් මත්පැන් සහ මුදල් ලබාදෙමින් වැදි ප්‍රජාවේ සාමාජිකයින් පොළඹවා මෙවැනි ක්‍රියාවල නිරත වන බවයි.

මෙවැනි සිදුවීම් යළි ඇති වුවහොත් එවැනි ක්‍රියාවල නිරත වන තම ප්‍රජාවට සහ ඔවුන් දිරිමත් කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමාට සිදුවන බව ඔහු අනතුරු අඟවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මොණරුන් මැරීමේ විපාකය | Lanka Newsweek