අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෛත්‍රී රනිල් හමු වෙලා දුක කියලා

මෛත්‍රී රනිල් හමු වෙලා දුක කියලා

රනිල් ඇහුම්කන් දෙන්නාගේ චරිතය රඟපාලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර අතිශය පෞද්ගලික හමුවක් කොළඹ "පැජට්" පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදුව තිබේ.…

රනිල් ඇහුම්කන් දෙන්නාගේ චරිතය රඟපාලා 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර අතිශය පෞද්ගලික හමුවක් කොළඹ "පැජට්" පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදුව තිබේ.

එහිදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා මේ වන විට මුහුණ දී සිටින නීතිමය සහ දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ වශයෙන් දැනුම්වත් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර මේ සම්බන්ධයෙන් පැතිර යන දේශපාලන ඕපාදූපවලින් කියැ වෙන්නේ මේ සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිවක් නොකියා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියන සියල්ලටම "හූ-මිටි" දෙමින් ඇහුම්කන් දෙන්නාගේ චරිතය රඟ පෑ බවය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මෛත්‍රී රනිල් හමු වෙලා දුක කියලා | Lanka Newsweek